×

සින්ඩි මැක්ලග්ලින්ගෙන් නව ලෝක වාර්තාවක්

ඇය විසින්ම 2020 පැවති තෝකියෝ ඔලිම්පික් උළෙලේදී තත්පර 51.46ක ධාවන කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගනු ලැබූ ලෝක වාර්තාව බිඳ දමා නව වාර්තාවක් පිහිටුවා ඇත. ඇය මෙවර වාර්තා කරන ලද කාලය තත්පර 50.68කි.


ඇමරිකානු ධාවන ශූරී සින්ඩි මැක්ලග්ලින් 2022 ජුලි 22 වන දින Hayward Field හි පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 කඩුළු මතින් දිවීමේ තරඟයේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

ඇය විසින් මෙහිදී ඇය විසින්ම 2020 පැවති තෝකියෝ ඔලිම්පික් උළෙලේදී තත්පර 51.46ක ධාවන කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගනු ලැබූ ලෝක වාර්තාව බිඳ දමා නව වාර්තාවක් පිහිටුවා ඇත. ඇය මෙවර වාර්තා කරන ලද කාලය තත්පර 50.68කි.

මෙම තරඟ ඉසව්වේ දෙවන ස්ථානය නෙදර්ලන්ත ක්‍රීඩිකාවක් වන ෆෙම්කේ බෝල් තත්පර 52.27 වාර්තා කර රිදී පදක්කම දීනාගනු ලැබූ අතර ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේ හිටපු ලෝක ශූර දලීලා මුහම්මද්ය. ඒ තත්පර 53.13කාලයක් වාර්තා කරමිනි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි