×

සියවසක් පොකුණක සැඟව සිටි ශාකය

එංගලන්තයේ නෝර්ෆෝක් හි අත්හැර දමා තිබූ පොකුණකින්, සියවසක් තිස්සේ වඳ වී ගොස් ඇතැයි සිතූ සුන්දර කුඩා ශාකයක් හමුවිය.


‘‘මළවුන් අතර සිට නැවත පැමිණි ශාකය‘ වැනි නම්වලින් මේ වන විට මෙම අබිරහස් ශාක විශේෂය හැඳින්වේ. සියවසකට ආසන්න කාලයක් තිස්සේ එංගලන්තයේ උද්භිද උද්‍යානවලට මේ ශාකය සහමුලින්ම අමතක වී ගොස් තිබුණේය. නමුත් දැන් එය මැණිකක් ලෙස හිටිහැටියේ හමුවී තිබේ. ‘‘long-forgotten botanical gem‘‘ යනුවෙන් එංගලන්තයේ මාධ්‍ය විසින් මෙය හඳුන්වන්නේ ඒ නිසා ය.

‘ග්‍රාස්-පොලී‘ යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන මෙම ශාකයේ විද්‍යාත්මක නාමය Lythrum hyssopifolia වේ.

TIM PANKHURST

පළමු ලොක්ඩවුන් කාල සීමාව අවසාන වන විට මෙය ඇස ගැටී තිබෙන්නේ ලන්ඩන් යුනිවසිටි කොලිජියේ මහාචාර්යවරයෙකු හට ය. ඔහු වහාම එහි ඡායාරූපයක් ගෙන හඳුනාගැනීම සනාථ කිරීම සඳහා යවා තිබේ. සැඟවුණු අමුත්තා කවුදැයි හෙළිවූයේ එවිට ය.

ඒ සමගම එංගලන්තයේ මඩ පිරුණු අප්‍රකට පොකුණු කිහිපයකම මේ ශාකය තවමත් ජීවමාන බව ද සොයාගෙන තිබේ.

බැකෝ යන්ත්‍රයකින් පාදා ගත්, මෙම ශාකය සැඟවී ජීවත් වූ පොකුණ දැන් හඳුන්වන්නේ ‘හොල්මන් පොකුණ‘ ‘Ghost pond’ ක් ලෙස ය.

CARL SAYER

‘‘හොල්මන් පොකුණු‘‘

මෙයට සියවස් ගණනකට පෙර නෝර්ෆෝක් ප්‍රදේශයේ පොකුණු අති මහත් රාශියක් විය. නමුත් ඒවායින් බහුතරය නඩත්තු කෙරුණේ නැත. එනිසා ඒවා පොකුණුදැයි සොයාගත නොහැකි මඩ කඩිති බවට කාලයාගේ ඇවෑමෙන් පත් විය.

දැන් විශ්වාස කෙරෙන්නේ මෙම අත්හැර දමා ඇති ස්වභාවික නිකේතන තුළ, මිනිස් ඇසෙන් වහං වූ ඉතා අලංකාර සොබාදම් සාමාජිකයන් තවමත් ජීවත් වනවා විය හැකි බවයි. ග්‍රාස්-පොලී එයට මෑත කාලයේ ලැබුණු හොඳම උදාහරණයයි.

main Photo: ROB PEACOCK

BBC – Surprise discovery of rare plant at Norfolk ‘ghost pond’



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි