×

සිරියාවේ ජනාධිපතිට සහ බිරිඳට කොරෝනා ආසාදනය වෙයි!

ඔවුන් දෙදෙනා ස්වයං නිරෝධායනයේ යෙදන බව වාර්තා වේ


 

සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් ට සහ ඔහුගේ බිරිඳ අසමා ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔවුන් දෙදෙනා ස්වයං නිරෝධායනයේ යෙදන බව වාර්තා වේ. රෝග ලක්ෂණ පෙන්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා PCR පරීක්ෂණ සඳහා යොමු වී ඇති අතර එහිදී ඔවුන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

මේ දක්වා සිරියාවේ කොරෝනා ආසාදිතයින් 45,879 හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 2,023 කි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි