×

සිවිල් වැසියන් ඝාතනය,වධහිංසා පැමිණවීම,දූෂණය කිරීමට හමුදාවට අණ; නීතිය අවනීතිව ඇති මියන්මාරය

පසුගිය වසරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තේරී පත් වූ  අවුන් සාන් සුකී නායකත්වයෙන් යුත් රජය නෙරපා දමා හමුදාව බලය අල්ලා ගත්තේය. එතැන් පටන් රට තුළ නීතිය අවනීතියක්ව ඇත. ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් සියල්ල වාරණයට ලක්කර ඇත. එය දැන් සන්නද්ධ සිවිල් නැගිටීම් මුළුමනින්ම නවතා දමමින් ඇත. 


සිවිල් වැසියන් ඝාතනය කිරීම, වධහිංසා පැමිණවීම සහ දූෂණය කිරීම පිළිබඳ චෝදනාවන් මියන්මාරයේ හමුදාව විසින් පිළිගෙන ඇති බව BBC පුවත් සේවය වාර්තා කර තිබේ.

සොල්දාදුවන් රැසක් සම්බන්ධ කරගෙන කරන ලද සම්මුඛ සාකච්ඡාවක් මඟින් ප්‍රථම වතාවට පුලුල්ව පැතිරුනු මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිලිබඳ සවිස්තරාත්මක වාර්තා ඉදිරිපත් කර ගැනීමට BBC පුවත් සේවය සමත්ව ඇත. මෙම සියලු සාහසික ක්‍රියාවන් රජය විසින් ලබාදුන් නියෝග අනුව සිදු කර ඇති බව එමඟින් අනාවරණයව තිබේ.
පසුගිය වසරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තේරී පත් වූ  අවුන් සාන් සුකී නායකත්වයෙන් යුත් රජය නෙරපා දමා හමුදාව බලය අල්ලා ගත්තේය. එතැන් පටන් රට තුළ නීතිය අවනීතියක්ව ඇත. ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් සියල්ල වාරණයට ලක්කර ඇත. එය දැන් සන්නද්ධ සිවිල් නැගිටීම් මුළුමනින්ම නවතා දමමින් ඇත.

BBCය වාර්තා කරන පරිදි පසුගිය වසරේ දෙසැම්බර් 20 වන දින හෙලිකොප්ටර් තුනක් මධ්‍යම මියන්මාරයේ Yae Myet ගම්මානය පිරිමින්ට, කාන්තාවන්ට සහ ළමයින්ට භේදයකින් තොරව වෙඩි තැබූ බව හමුදාව පිළිගෙන ඇත. කාන්තාවන් සමූහ දූෂණයට ලක් කිරීම හා මරා දැමීම පිළිබඳ තොරතුරුද මේ අතර වේ. ඔවුනට මෙහිදී අණ ලැබී තිබුනේ දකින ඔ්නෑම දෙයකට වෙඩි තැබීමටයි. මරා දමන ලද පුද්ගලයන්ගෙන් සැලකිය යුතු පිරිසක් වළ දැමූ බවත්, කොටසක් පුළුස්සා දැමූ බවත්, නිවාස 60 ක් පමණ ගිනි තබා විනාශ කර ඇත. පසුගිය මාස 10 තුළ මේ ආකාරයෙන් ගම්මාන ගිනි තබා ඇති බවට වාර්තා 200 කට වඩා තහවුරු කර ඇත.ඔවුන් පවසන්නේ මෙම ගිනි තැබීම් ප්‍රහාරවල පරිමාණය ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිතියි. ජනවාරි සහ පෙබරවාරි මාසවලදී අවම වශයෙන් ප්‍රහාර 40, මාර්තු සහ අප්‍රේල් මාසවලදී අවම වශයෙන් 66ක්වත් ඇති බවත්ය.

Myanmar Witness මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිරීක්ෂණය කරන විවෘත මූලාශ්‍ර පර්යේෂකයන් කණ්ඩායමක්  මේ සම්බන්ධව අදහස් දක්වන හියුමන් රයිට්ස් වොච් පවසන්නේ සොල්දාදුවන්ට හිතුමතේ කොල්ලකෑමට සහ ඝාතනය කිරීමට ඉඩ දෙන දණ්ඩමුක්තියේ සංස්කෘතිය මියන්මාරයේ දශක ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින බවයි.

2021 කුමන්ත්‍රණයෙන් පසු 10,000ක් පමණ පිරිසක් හමුදාවෙන් සහ පොලිසියෙන් ඉවත්ව ගොස් ඇති බව, හිටපු හමුදා සහ පොලිස් නිලධාරීන් විසින් පිහිටුවන ලද පීපල්ස් එම්බ්‍රේස් නම් කණ්ඩායමක් පවසයි.
චෝදනා මියන්මාර හමුදාවේ ප්‍රකාශක ජෙනරාල් සෝ මින් ටුන් වෙත ඉදිරිපත් කිරීමේන අනතුරුව ඔහු නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ හමුදාව සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිටින බව ප්‍රතික්ෂේප කරන බවයි. මෙහි දක්වා ඇති වැටලීම් දෙකම නීත්‍යානුකූල ඉලක්ක බවත්, මියගිය අය “ත්‍රස්තවාදීන්” බවත් ඔහු පවසා තිබේ.

මෙම සිවිල් යුද්ධය අවසන් වන්නේ කෙසේද සහ කවදාද යන්න කීමට අපහසු නමුත් මියන්මාරයේ මිලියන ගණනක් සිවිල් වැසියන් කම්පනයට පත් ව තිබේ. සාමය සොයා ගැනීමට වැඩි කාලයක් ගත වන තරමට මියන්මාරයේ දූෂණය හා ප්‍රචණ්ඩත්වය රජයමින් ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි