×

සිහින මිල කළ හැකියි

ලෝ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ ජීවිත කතාව -2- Leonardo Del Vecchio


ජීවිතේ සමහර අවස්ථාවල දී තෝරා ගැනීම් සිදු කරන්න අපට සිදු වෙනවා. ඒ තෝරා ගැනීම් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම හොඳ හෝ නරක වෙන්නත් පුළුවන්. ඒත් ඒ තෝරාගැනීම්වලට පුළුවන් අපි නොසිතන තැනකට ජීවිතේ ගෙනියන්න. ඒ නිසා අපිට ලැබෙන අවස්ථාව ඉතා වැදගත් වෙනවා. අවස්ථාව මඟ නොහැර ගැනීම වැදගත් වෙන්නේ ඒ නිසයි. ලෝකයේ බොහෝ ධනවත් ව්‍යාපාරිකයන්ගේ සාර්ථකත්වයේ රහස වෙන්නේ ඒ විදිහට ලැබුණු අවස්ථාවලට වටිනාකම් ලබා දීම.

ලියනාඩෝ ඩෙල් වෙචියෝ (Leonardo Del Vecchio) කියන්නේ ඒ විදිහට දරිද්‍රතාවයේ පතුලේ සිට ධනවත්කමේ හිනිපෙත්තටම ගමන් කළ පුද්ගලයෙක්. ඒ වගේම ලෝකයේ වඩා ජනපි‍්‍රයම සහ පුරෝගාමී විලාසිතා සන්නාම අතරට තම ව්‍යාපාරය ගෙන ආ කෙනෙක්. ඒ නිසාම ලියනාඩෝ ඩෙල් වෙචියෝ ගේ කතාව එක්තරා ආකාරයක සුරංගනා කතාවක්. නමුත් එය ප‍්‍රබන්ධයක් නෙවයි. මේ ඔහුගේ කතාව. විලාසිතාවලට ජනප‍්‍රිය ඉතාලියේ ජනප‍්‍රියම විලාසිතා සන්නාමයක හිමිකරු වන ලියනාඩෝ ඩෙල් වෙචියෝ උපත ලබන්නේ ඉතාලියේ මිලාන්හිදී. ඒ 1935 වසරේදී. පිය රැකවරණය නොමැති ලියනාඩෝ ට වයස අවුරුදු 7 තරම් ළාබාල වයසේ සිට ළමා නිවාසයක ජීවත් වෙන්නට සිදු වෙනවා. ළමා නිවාසය තුළ මවුපියන්ගේ රැකවරණය වෙනුවට කන්‍යා සොයුරියන්ගේ රැකවරණය මැද ඔහු හැදී වැඩෙනවා. එහෙත් දරිද්‍රතාවය නිසා ලියනාඩෝට අවුරුදු 14 දී දුප්පත්කමින් මිදෙන්න රැකියාවක් කරන්න සිදු වෙනවා. ඒ නිසා ලියනාඩෝ ආයුධ නිෂ්පාදකයකු ළඟ නවකයකු ලෙස සේවයට බැඳෙනවා. වයස 19ක් වන විට රැකියාව අතරතුර ඒ පිළිබඳව තවත් ඉගෙන ගැනීමට සවස කාර්මික ඉංජිනේරු විද්‍යා පන්තියකට සහභාගි වෙනවා. පසු කාලයක දී ලියනාඩෝ වීදුරු සහ රාමු වැඩ පිළිබඳව සුවිශේෂී උනන්දුවක් දක්වන්න ගන්නවා. ඒ නිසා ආයුධ නිෂ්පාදන භූමිකාව අතහැර ඇස් කණ්ණාඩි කොටස් සෑදීම සඳහා සිය කුසලතා භාවිතා කරන්න ඔහු තීරණය කරනවා. ඒ අනුව ඔහු ඉතාලියේ ඇස් කණ්ණාඩි අගනුවර ලෙස හඳුන්වන ඇග්රෝඩෝ නගරයට පිවිසෙනවා. එහි දී ඇස් කණ්ණාඩි කර්මාන්තයේ දක්ෂයන් හමු වීමට ඔහුට අවස්ථාව ලැබෙනවා වගේම ඔහු ඒ පිළිබඳව වෘත්තීය මට්ටමින් ඉගෙන ගන්නවා.

Blurb : 1976 වසර වන විට ඔහුගේ කැපවීම නිසාම Luxottica වෙළෙඳ නාමය ලෝක වෙළෙඳපොළේ ප‍්‍රමුඛයා බවට පත් වෙනවා. ලියනාඩෝ තමන් පැමිණි දුෂ්කර ගමන දෙස නැවත හැරී බලන්නේ සාර්ථක අවසානයකින් පසුව පමණයි.

Description 02 : 1967 වසරේ දී ඔහු ඇස් කණ්ණාඩි සඳහා වන වීදුරු සපයන ආයතනයක් ආරම්භ කරනවා. එහිදී අත්දැකීම් සහ තරගකාරීත්වයට මුහුණ දෙමින් වසර 06ක කාලයක් ඉවසීමෙන් සිටින ලියනාඩෝ අවසානයේ දී Luxottica නමින් සිය ඇස් කණ්ණාඩි වෙළෙඳාම ආරම්භ කරනවා. මුලින්ම ඔහු සිදු කරන්නේ Luxottica සන්නාමය යටතේ ඇස් කණ්ණාඩි රාමු විකිණීම. සම්පූර්ණ වශයෙන් ඇස් කණ්ණාඩි විකුණන්නට ඔහු එකවර යොමු නොවන්නේ සෙමෙන් ගමනක් යාමට ඔහුට අවශ්‍ය වූ නිසා. මේ කාලය අතරතුර ගනුදෙනුකරුවන්ගේ ආකර්ෂණය දිනාගන්න ඔහු සමත් වෙනවා. ඒ වගේම ඔහු තම සමාගම ඉදිරියට ගෙන යාමට කාර්යක්ෂමව සහ දක්ෂව කටයුතු කරනවා. ලෝකයේ ඉතා ජනප‍්‍රියම ඇස් කණ්ණාඩි සන්නාමයක ආරම්භය සිදු වෙන්නේ ඒ විදිහට. 1976 වසර වන විට ඔහුගේ කැපවීම නිසාම Luxottica වෙළෙඳ නාමය ලෝක වෙළෙඳපොළේ ප‍්‍රමුඛයා බවට පත් වෙනවා. ලියනාඩෝ තමන් පැමිණි දුෂ්කර ගමන දෙස නැවත හැරී බලන්නේ සාර්ථක අවසානයකින් පසුව පමණයි. ජර්මනියේ Luxottica සමාගමේ අන්තර්ජාතික අනුබද්ධ ආයතනයක් ආරම්භ කිරීමෙන් අනතුරුව ක‍්‍රමයෙන් Luxottica සමාගම ලෝකය පුරා ව්‍යාප්ත වීම ආරම්භ වෙනවා. එසේම 1988 පමණ වන විට ඉතාලියේ තවත් විශිෂ්ටතම සහ සුප‍්‍රසිද්ධම සන්නාමයන් සමඟ හවුල්කාරීත්ව ගොඩනඟා ගන්න ලියනාඩෝට හැකි වෙනවා. 2000 වසරේ දී Luxottica සමාගම ලැයිස්තුගත සමාගමක් බවට පත් වන අතර ඉතාලියේ කොටස් වෙළෙඳපොළෙහි සහ ජාත්‍යන්තරව කීර්තිමත් වෙළෙඳ නාම රැසක් තමන් සතු කර ගැනීමට ලියනාඩෝ සමත් වෙනවා. ඒ අතර ලොව සුප‍්‍රකට වෙළෙඳනාමයක් වන වෝග් (Vogue) සමාගම, Persol සමාගම, US Shoe Corporation, Ray-Ban , Sunglass Hut යන සමාගම් ද වනවා. වර්තමානයේ දී ලියනාඩෝ ඩෙල් වෙචියෝගේ වත්කම්වල ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 22ක්. කිසිදු වත්කමක් නොමැතිව ජීවිතය ආරම්භ කළ ලියනාඩෝ අද ඉතාලි විලාසිතා ලෝකයේ දැවැන්තයෙක් ඒ වගේම සිහින සැබෑ වන බවට ඔහුගේ කතාව යළිත් අපට සිහිපත් කරනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි