×

සීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය හා බලශක්ති අර්බුදය හේතුවෙන් පොදු ප්‍රවාහණ සේවා නොමිලේ

සැප්තැම්බර් මාසයේ සිට වර්ෂාවසාන වන තෙක් පොදු මගීන්ට 100% ප්‍රවාහන සහන ලබා දීමට රජය තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ. මෙලෙස මඟීන් වෙනුවෙන් නිදහස් ප්‍රවාහණ සේවයක් ආරම්භ කළ යුරෝපයේ පළමු රට ස්පාඤ්ඤ වේ.


සීඝ්‍රයෙන් ඉහල යන බලශක්ති සහ උද්ධමන අනුපාත වලට ප්‍රතිචාර වශයෙන් ස්පාඤ්ඤය පුරා රජය සතු සේවාවන්හි පොදු ප්‍රවාහන මිල අඩකින් කපා හැර තිබිණි. සැප්තැම්බර් මාසයේ සිට වර්ෂාවසාන වන තෙක් පොදු මගීන්ට 100% ප්‍රවාහන සහන ලබා දීමට රජය තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ. මෙලෙස මඟීන් වෙනුවෙන් නිදහස් ප්‍රවාහණ සේවයක් ආරම්භ කළ යුරෝපයේ පළමු රට ස්පාඤ්ඤ වේ.

සැප්තැම්බර් මාසයේ සිට ටිකට්පත් නොගෙන ගමන්වාර සඳහා සම්බන්ධ විය හැකි නදහස පොදු මඟීන්ට ලබා දී තිබේ.

මීට අමතරව ස්පාඤ්ඤයේ අග්‍රමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ මල්ටි ටිකට්පත් ක්‍රමයක්ද මීට සමගාමීව හඳුන්වා දුන් බවයි. මෑතකදී සංචාරක ටිකට්පත් හා දිගු ගමනාන්ත ටිකට්පත් සියල්ල බැහැර කළ බව මහජන විකාශන ජාලය විසින් නිවේදනය කර ඇත. අලුතින් හඳුන්වා දෙනු ලැබූ මල්ටි සංචාරක ටිකට්පත් පමණක් නැවත ගෙවීමේ පදනම මත යූරෝ 10ක මුදලක් ලබා ගනු ඇතැයි සඳහන් කර තිබේ.

මෙමගින් රජය බලාපොරොත්තු වන්නේ උපරීම වශයෙන් පොදු මගී ප්‍රවාහණය වෙනුවෙන් පුද්ගලයන් දායක කර ගනිමින්, පරිසරය සුරක්ෂිත කර ගනිමින්, තිරසර ආර්ථික ඉලක්ක ළඟාකර ගැනීමටයි. ශක්තිය සහ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යාමේ අසාමාන්‍ය තත්වයන් මධ්‍යයේ සාමූහික පොදු ප්‍රවාහනය භාවිතා කිරීම දිරිමත් කිරීම වෙනුවෙන් මෙම පියවර ගනු ලැබූ බව ස්පාඤ්ඤයේ ප්‍රවාහන අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි