×

සුන්දර වැනීසියත් දැන් හරි ගණන් (photos)

මෙම සංචාරක පාරාදීසය වෙනුවෙන් නව බදු ක්‍රමයක් හඳුන්වා දීමට සූදානම් බව වැනිසියේ සංචාරක කටයුතු පිළිබඳ මන්ත්‍රී සිමෝන් වෙන්ටුරිනි විසින් ඊයේ (01) වන දින නිවේදනය කර තිබේ.


ඉතාලියේ වෙනෙතෝ දිස්ත්‍රික්කයේ දූපත් 124කින් සමන්විත ඒවා එකිනෙක යා කරන පාලම් 438 රමණීය කලපුවක් වන වැනීසිය සංචාරකයන්ගේ නොමද ආකර්ෂණය දිනාගනු ලැබූ නගරයකි. මෙම සංචාරක පාරාදීසය වෙනුවෙන් නව බදු ක්‍රමයක් හඳුන්වා දීමට සූදානම් බව වැනිසියේ සංචාරක කටයුතු පිළිබඳ මන්ත්‍රී සිමෝන් වෙන්ටුරිනි විසින් ඊයේ (01) වන දින නිවේදනය කර තිබේ. නව පියවර “මහා විප්ලවයක්” ලෙස හැඳින්වූ අතර, දශක ගණනාවක් තිස්සේ කලපු නගරය සමඟ අරගල කරන ලද සංචාරක ගැටලුව සඳහා විසඳුමක් ලෙස හැඳින්වේ.

මෙහිදී ඓතිහාසික මධ්‍යස්ථානයට සහ Lido di Venezia, Pellestrina, Murano, Burano, Torcello, Sant’Erasmo, Mazzorbo, Mazzorbetto, Vignole, S. Andrea, La Certosa, S. Servolo, S. Clemente සහ Poveglia යන දූපත් වලට ප්‍රවේෂ වීමේදී ගාස්තුවක් අය කෙරේ. එය යුරෝ 03 සිට යුරෝ 10 දක්වා පරාසයක පවතී. මිල ස්ථාවර නොවනු ඇත, නමුත් අමුත්තන් සංඛයාව අනුව එය වෙනස් වේ. ප්‍රවේශපත්‍ර කඩකිරීම් සඳහා වන දඩ මුදල යුරෝ 50 සිට යුරෝ 300 දක්වා පරාසයක පවතී. ආබාධිත පුද්ගලයින්, නිවාස හිමියන්, සෞඛ්‍ය හේතූන් මත නගරයට පැමිණෙන අය හෝ ඥාතීන් බැලීමට පැමිණෙන අය සහ ක්‍රීඩා හෝ සංස්කෘතික උත්සවයකට සහභාගී වීමට පැමිණෙන අය මෙන්ම වයස අවුරුදු හයට අඩු පදිංචිකරුවන් සහ ළමුන් මෙම බදු වලින් නිදහස් කෙරේ. එමෙන් ම රාත්‍රී හෝටල් අමුත්තන් දැනටමත් ඔවුන්ගේ හෝටලය හරහා සංචාරක බද්දක් ගෙවන බැවින් ප්‍රවේශ ගාස්තුව ගෙවීමෙන් වළකිනු ඇත.

ඉතාලියේ සංචාරය කරන්නන් වෙනුවෙන් මුලින්ම ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබුවේ Civita di Bagnoregioහි නගරාධිපති ෆ්‍රැන්චෙස්කෝ බිගියෝටි විසිනි. “මැරෙන නගරය” ලෙස හඳුන්වන ගරාවැටෙන කඳු බෑවුමක පිහිටි තම ගම්මානයට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා අලෙවිකරණ ප්‍රයෝගයක් ලෙසය. නරඹන්නන්ගේ කුතුහලය කෙතරම්ද යත්, 2009 හි අමුත්තන් 40,000 සිට 2018 දී මිලියනයක් දක්වා වර්ධනය වූ බව සංඛ්‍යාලේඛණ දත්ත පෙන්වයි.

මේ ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් අයවැය සඳහා සභා මන්ත්‍රී මිචෙල් සූයින් විසින් පැහැදිලි කරනු ලැබුවේ මෙය මුදල් ඉපැයීමේ ක්‍රමයක් නොව සංචාරක ප්‍රවාහ කළමනාකරණය කිරීමේ උපාය මාර්ගයක් බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි