×

සුපිරි පෘථිවිය – අලුත් අමුත්තාගේ කථාව.

  නාසා ආයතනය විසින් පසුගියදා නවතම ග්‍රහලෝකයක් සොයාගෙන ඇති අතර එය පෘථිවියට වඩා විශාලත්වයෙන් වැඩි හා උෂ්ණත්වයෙන් අඩු වුවත් එය පෘථිවියට බොහෝසෙයින් සමාන වන බව ඔවුන් පවසයි. එහෙයින් එය සුපිරි පෘථිවිය Super Earth යන නමින් හැදින්වෙයි. මෙම ග්‍රහලෝකයේ දැනට හදුනාගෙන ඇති සුවිශේෂීතා ලෙස, 1.බුධ ග්‍රහයා මෙන් තුන්ගුණයක් විශාල වීම. 2.තරුවක් කක්ෂගත කරගෙන පරිභ්‍රමණය වීම. 3.අයිස්මය […]


 

නාසා ආයතනය විසින් පසුගියදා නවතම ග්‍රහලෝකයක් සොයාගෙන ඇති අතර එය පෘථිවියට වඩා විශාලත්වයෙන් වැඩි හා උෂ්ණත්වයෙන් අඩු වුවත් එය පෘථිවියට බොහෝසෙයින් සමාන වන බව ඔවුන් පවසයි. එහෙයින් එය සුපිරි පෘථිවිය Super Earth යන නමින් හැදින්වෙයි.

මෙම ග්‍රහලෝකයේ දැනට හදුනාගෙන ඇති සුවිශේෂීතා ලෙස,
1.බුධ ග්‍රහයා මෙන් තුන්ගුණයක් විශාල වීම.
2.තරුවක් කක්ෂගත කරගෙන පරිභ්‍රමණය වීම.
3.අයිස්මය කාන්තාර වලින් ගහන වන අතර ද්‍රව ජලය නොතිබීම.
4.පෘථිවිය සූර්‍යාගෙන් උකහා ගන්නා අලෝක තීව්‍රතාවයෙන් 2%ක ප්‍රමාණයක් මෙම ග්‍රහලෝකය තමා කක්ෂගතව ගමන් කරන තාරකාවෙන් උකහාගනියි. මක්නිසාදයත් එම තාරකාව සූර්‍යාට වඩා විශාලත්වයෙන් මෙන්ම උෂ්ණත්වයෙන් අඩු නිසාවෙනි.

මෙම තාරකාව බර්නාඩ් නම් වන අතර එය පෘථිවියේ සිට සැතපුම් ට්‍රිලියන 30ක් ඈතින් පිහිටා ඇත. එය අප සෞරග්‍රහ මණ්ඩලයට සමීපයෙන්ම ඇති තනි තාරකාව වේ.

වසර 20ක දත්ත හා තොරතුරු හා අභ්‍යාවකාශ මිනුම් 771ක් අනුව යමින් අභ්‍යාවකාශගානීන් විසින් මෙම ග්‍රහලෝකය සොයාගත් බව නාසා ආයතනය පවසා සිටියී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි