×

සුබ සිහින සොයා යාත්‍රා කරන්නන්ගේ අදෝනාව.

මෙය යුරෝපයට යන භයානකම ගමන බව මානව හිමිකම් සංවිධාන අනතුරු අඟවා තිබේ.


දස දහස් ගණනින් මිනිසුන් යුරෝපයේ ආරක්ෂාව, වඩා හොඳ ජීවන තත්වයක්, සොයා වයඹදිග අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් වූ ස්පාඤ්ඤ දූපත් සමූහයක් වන කැනරි දූපත් වෙත යාමට අත්ලාන්තික් සාගරයේ භාවිතා කරයි.

ඔවුන් මේ වෙනුවෙන් ධීවර බෝට්ටු හෝ රබර් ඩිංගි යාත්‍රා භාවිතා කරන අතර ඒවායේ දුර්වල එන්ජින් පහසුවෙන් කැඩී යා හැකි අතර, ගමනාන්තයේ දුෂ්කරතාවය හේතුවෙන් නොසන්සිඳෙන පිපාසය, ප්‍රමාණවත් ආහාර නොමැති වීම, දරාගත නොහැකි සීතල හේතුවෙන් දින කිහිපයක් හෝ සති ගණනක් ගසාගෙන යයි. අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා නැව් මුහුදුබත් වේ. විටෙක ඔවුන්ගේ සිරුරු ගොඩට විසි කරයි. සමහර යාත්‍රා ගිලී යයි. නිරුපද්‍රිතව ගොඩට පැමිණෙන්නේ කිහිප දෙනෙකු පමණි. ඔවුන් ද මුහුදු රෝග, විජලනය සහ හයිපෝතර්මියාව සමඟ අරගල කරයි. මෙය යුරෝපයට යන භයානකම ගමන බව මානව හිමිකම් සංවිධාන අනතුරු අඟවා තිබේ.

තත්වය මෙසේ වූවත් බටහිර සහ මධ්‍යම මධ්‍යධරණී මාර්ග හරහා දේශසීමා පාලනය දැඩි කිරීමත් සමඟ මෙම දිගු මුහුදු මාර්ගයට අවතීර්ණවන්නන් දිනෙන් දින වැඩි වෙමින් පවතියි.මෙම මාර්ගයේ ගමන් ගන්නා ජනතාවගෙන් විශාල ප්‍රතිශතයක් පැමිණෙන්නේ යුරෝපීය සහ චීන යාත්‍රා විසින් අධික ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් ඔවුන්ගේ ජීවනෝපා අහිමි වූ ධීවර ප්‍රජාවන්ගෙනි. ඔවුන් බොහෝ විට උත්සාහ කරන්නේ දේශපාලන කැලඹිලිවලින් හෝ ආර්ථික අවිනිශ්චිතතාවයෙන් ගැලවී සුව පහසු ජීවිත ගත කිරීමටය. මෙලෙස සංක්‍රමණය වන්නන් අතර මොරොක්කෝව, බටහිර සහරා, සෙනගල් සහ මාලි මෙන් ම අයිවරි කෝස්ට්, ගිනියාව, මොරිටේනියාව සහ ගැම්බියානු ජාතිකයන් බහුලය.

1990 ගණන්වල සිට ම මිනිසුන් මෙම මාර්ගය භාවිතා කර ඇත. ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා කළද 2006 වසරේදී ද පුද්ගලයින් 31,678 දෙනෙකු කැනරි දූපත් වෙත ළඟාව තිබේ. මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධානයක් වන Caminando Fronteras ඇස්තමේන්තු කර ඇත්තේ 2021 දී පුද්ගලයන් 4,016 ක් මිය ගිය බවයි.  පසුගිය වසරේ පුද්ගලයින් 22,316 දෙනෙකු දිවයිනට පැමිණ ඇත. 2022 දී පැමිණීම් එම සංඛ්‍යාව ඉක්මවීමට වේගවත් වෙමින් පවතින අතර, මෙම වසරේ මුල් මාස පහ තුළ 8,268 පැමිණීම් ලියාපදිංචි වී ඇත.

මෙලෙස දිවි බේරාගනු ලැබූ සරණාගතයන්ගේ තත්වයද වෙනස්ය. ස්පාඤ්ඤ රජය සරණාගතයින් සහ සංක්‍රමණිකයන් දූපත් වල රඳවා තබා ගැනීම ඉලක්ක කරගත් සැලැස්මක් ක්‍රියාවට නංවා ඇත. හැකි සෑම විටම නැවත ඔවුන් යැවීමට කටයුතු කරනු ලැබේ. ඔවුහු වෙරළේ කූඩාරම් ගසමින් බොහෝ අවිනිශ්චිතව ජීවිත ගත කරන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.

සශිකලා මධුෂාණී_

ඡායාරූප : ALJAZEERA



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි