×

සුභ ගමන්, HMD Connect

ඔබ අප සැම දෙනාම එදිනෙදා භාවිතා කරනු ලබන Mobile Data සඳහා අපගේ රට තුළ පවතින Service Providers විසින් ලබා දෙන සේවාව ඔස්සේ ලබාගැනීම සිදුකරයි. එලෙස 2020 වසරේ අගභාගය වන විට HMD Global සමාගම විසින් ලබා දුන් HMD Connect නම් වූ Data SIM කාඩ් පිළිබඳව ඇතැම් විට ඔබ අසා ඇත. එලෙස ලබා දුන් HMD Connect සේවාව […]


ඔබ අප සැම දෙනාම එදිනෙදා භාවිතා කරනු ලබන Mobile Data සඳහා අපගේ රට තුළ පවතින Service Providers විසින් ලබා දෙන සේවාව ඔස්සේ ලබාගැනීම සිදුකරයි. එලෙස 2020 වසරේ අගභාගය වන විට HMD Global සමාගම විසින් ලබා දුන් HMD Connect නම් වූ Data SIM කාඩ් පිළිබඳව ඇතැම් විට ඔබ අසා ඇත.

එලෙස ලබා දුන් HMD Connect සේවාව වසර දෙකකට පමණ පසු මෙම වසරේ දෙසැම්බරයේ දී අත්හිටුවීමට තීරණය කර ඇති බවට එම සමාගම සඳහන් කරයි.

HMD Connect සිම් කාඩ්පත් වෙනත් සමාන්‍ය සේවාවන් සපයන සිම්කාඩ්පත් වලින් වෙනස් වන්නේ මෙය රටවල් 120 ක් සඳහා වලංගු වන අතර සංචාරය කරන පුද්ගලයෙකු නම් රටකින් රටකට ගමන් කිරීමේදී HMD Connect සිම් කාඩ්පතක් ඇත්නම් නැවත වෙනත් කාඩ්පත් වෙත මාරු වීමට අවශ්‍ය නොවීමයි.

එමෙන්ම ඒ සඳහා කිසිඳු අමතර ගාස්තුවක් අය නොවීම ද විශේෂත්වයකි.

මෙහි ආරම්භක අවස්ථාවේදී සඳහන් කළ පරිදි පළමුව පාරිභෝගිකයා වෙත 1GB Data ප්‍රමාණයක් දින 14ක් කාලයක් දක්වා ලැබෙන අතර ඉන්පසු අවශ්‍ය ආකාරයට පාරිභෝගිකයා හට Data එකතු කර ගැනීමට හැකියාව ලබා දී තිබීමයි.

SOURCE: gsmarena.com



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි