×

සුවස් ඇලේ සිර වි ඇති එවර් ග්‍රීන් නෞකාව නිසා නෞකාවන් 206කට බා​ධා

පසුගියදා සුවස් ඇලේ ගමන කරමින් තිබු සිර වි ඇති එවර් ග්‍රීන් නැමති මිටර් 400ක් දිගින් යුත් මිටර් 95ක් පලල නෞකාව නිසා මේ වන විට භාණ්ඩ ප්‍රවාහන නෞකාවන් 206ක් පමණ සිය ගමනා ගමනය සිදු කිරිමට නොහැකිව රඳවා ඇත.


පසුගියදා සුවස් ඇලේ ගමන කරමින් තිබු සිර වි ඇති එවර් ග්‍රීන් නැමති මිටර් 400ක් දිගින් යුත් මිටර් 95ක් පලල නෞකාව නිසා මේ වන විට භාණ්ඩ ප්‍රවාහන නෞකාවන් 206ක් පමණ සිය ගමනා ගමනය සිදු කිරිමට නොහැකිව රඳවා ඇත.

සුවස් ලොව කාර්යය බහුල වාණිජ නෞකා මාර්ගයකි.නෞකාව චිනයේ සිට නෙදර්ලන්තය දක්වා ගමන් කරන අතර තුරු පාලනයෙන් ගිලිහි ගොස් වැලි පරයක සිර වි තිබේ.

නැව වට ඇති  වැලි වැලි කියුබ් මීටර් 15,000-20,000 ක් ඉවත් කිරීමට කිමිදුම්කරුවන් තවමත් කටයුතු කරමින් සිටියහ.ඒ මොහොතේ නෞකාව ටොන් 200000 පමණ බරින් යුතුව තිබිණි.සුවස් ආසියාව හා යුරෝපය සම්බන්ධ කරන කාර්යය බහුල නෞකා මාර්ගයකි. නෞකාවේ ජපන් හිමිකරු සියලු නෞකාවන්ගෙන් සමාව ඉල්ලා ඇත.ලෝකයේ නැව්ගත කරන බහාලුම් පරිමාවෙන් දළ වශයෙන් 30% ක් දිනකට කිලෝමීටර් 193 (සැතපුම් 120) සූවස් ඇළ හරහා ගමන් කරන අතර එය සමස්ත භාණ්ඩ වෙළඳාමෙන් 12% ක් පමණ වේ.

සුවස් හරා බොරතෙල් වැඩිම ප්‍රමාණයක් අපනයනය කරනු ලබන රටවල් වන්නේ රුසියාව,සෞදි අරාබිය, ඉරාකයයි. එසේම එම තෙල් ආනයනය කරනු ලබන රටවල් අතර,ඉන්දියාව, චිනය සහ දකුනු කොරියාව ප්‍රමුඛ වේ.

 

ජර්මනියේ රසායනික ද්‍රව්‍ය ආනයනයෙන් 16% ක් පමණ සූවස් ඇළ හරහා නැව් මගින් පැමිණෙන අතර ජර්මානු රසායනික ද්‍රව්‍ය හා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ වී සී අයි හෙන්රික් මයින්කේ පැවසුවේ මෙම අවහිරිතාව  හේතුවෙන් ඒම කර්මාන්තයන්ට බලපෑම් එල්ල වන බවයි.(රොයිටර් වෙතින්)

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි