×

සුසුමකට හෝ ඉඩක් නැති මැනිලා හි සිර ගෙදර

මෙම සිර ගෙහි සැබවින්ම ඉඩ කඩ ඇත්තේ 1000ක් දෙනාට පමණක් බව එහි බධාරීන් පවසයි. අතිරික්තය 5000කටත් වඩා වැඩිය.


මැනිලා යනු පිලිපීනයේ අගනුවරයි. මැනිලා සිර ගෙදර පිලිපීනයේ ප්‍රධානම සිරගෙය වන අතර ලොව තදබදය වැඩිම සිරගෙයක් ලෙස මැනිලා හිසිරගෙදර හඳුන්වයි.

වැරදි ක‍ළෝද, නොකළෝද, නඩු ඇසුවෝද, නොඇසුවෝ ද, බාලයන්ද, තරුණ මෙන්ම මහල්ලන්ද සියල්ලෝම මෙහි ජීවත් වෙති. මැනිලා සිරගෙදරට හා හා පුරා පැමිණෙන කා වුවද එය දුටු විගස ඇතිවන්නේ සියල්ල අතහැර නොනැවතී ඉන් මිදී පළා යෑමේ අදහසක් විතරමය. එය ඒ තරමටම සිරකරුවන්ගෙන් පිරී ගොසිනි. නිදහසේ ඇවිද යන්නට හෝ නිදහසේ එක් තැනක සිටින්නටවත් මැනිලා සිරමැදිරියේ ඉඩ කඩක්නම් නැත‍

කහ පාට ටීෂර්ටයකින් සැරසුණ මැනිලා සිරකරුවන් 6000කට අධික ප්‍රමාණයක් ජීවත් වන මෙම සිර ගෙහි සැබවින්ම ඉඩ කඩ ඇත්තේ 1000ක් දෙනාට පමණක් බව එහි බලධාරීන් පවසයි. අතිරික්තය 5000කටත් වඩා වැඩිය. මැනිලා සිර ගෙදරට දෛනිකව සාමාන්‍යයයෙන් එකතුවන සිරකරුවන් ප්‍රමාණයද දිනෙන් දින වැඩි වන්නේය. ජනපති ඩුටේර්ටේ රටේ අපරාධ නීති මෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති රීති දැඩි කිරීමත් සමග මැනිලා සිරි ගෙදරට එන සිර කරුවන් ප්‍රමාණය සීග්‍රයෙන් ැඩි වන්නට පටන් ගෙන ඇත‍

ජීවිතය ගැන පුංචි බලාපොරොත්තුවක් හෝ මැනිලා සිර කරුවන්ට නැති තරම්ය. උදේ වූ පසු රාත්‍රිය උදා වීම ගැන ඔවුන් සිටින්නේ කණස්සල්ලෙනි. ඒ අන් කිසිවක් නිසා නොව රාත්‍රියේ නිදා ගැනීම යනු ඔවුන්ගේ ජීවිත වල ඇති අසීරුම කාර්යයක් බවට පත්ව ඇති බැවිනි. එකිනෙකා මත එකිනෙකා වැටී නිදා ගනු මිසක තනිව නිස්කලංකව නිදා ගැනීමට තරමි අඟලක හෝ වැඩි පුර ඉඩක් ඔවුන්ට නැත. භූමියේ අඟලක් යනු ඔවුන්ට මහාමෙරකි. කිසිදිනෙක ඔවුන්ට ‍උඩු බැලි අතට නිකමට හෝ නිදා ගන්නට නොහැකිය. ඔවුන් නිදා ගත යුත්තේම එක් ඇළයකට හැරී පමණි. එසේ නොමැති වුවහොත් අනෙකාට නිදා ගැනීමට ඉඩක් නැත.

අලුතින් සිර මැදිරියට පැමිණෙන සෑම සිරකරුවෙක්ම සති දෙකක් යන්නට මත්තෙන් උණ රෝගියෙක් වනවා පමණක් නොව ඉන් පසු සිරගෙහි මුළු ජීවිතයම ඔවුන්ට ගෙවා දමන්නට සිදු ව්නනේ කුමන ආකාරයේ හෝ සමේ රෝගයක්ද සමගිනි.

මෙහි ජීවත් වන බොහෝමයක් දෙනා අ‍ධිකර‍ණයෙන් වරදකරුවන් නොවූ වසර ගණනාවක් තිස්සේ නඩු විභාගයක් වෙනුවෙන් කල් බලා සිටින්නන්ය. රෝගෙලියෝ රයේස්.. ඔහුගේ කථාව ඉතාමත් දුක්බරය. 58 හැවිරිදි රයේස් මැනිලා සිර කඳවුරට පැමිණ දැනට වසර 14කි. එම වසර 14න් කවදාක හෝ එතරම් කළක් සිරගත කර තැබීමට තරම් ඔහු උසාවියෙන් වරදකරුවෙක් වී නැත. ඔහු සෑම දිනකම අවදි වන්නේ තමන් ‍වෙනුවෙන් නඩුවක් ඇසෙන දිනක් උදා වී ඇත්දැයි විමසිල්ලෙනි.

නිති රෙගුලාසි ප්‍රකාරව එක් නිළධාරියෙක්ට සිර කරුවන් 7ක් පමණක් නියමිත වුවත් පවතින තත්ත්වය මත එක් අයෙක් සිර කරුවන් 200ක් දෙනා ට වග කිව යුතු වන්නේය. මෙම සිරකරුවන් සියල්ලන් පිළිබඳවම විමසිලිමත් වන්නට නිළධාරීන්ට නොහැකිවීම හේතුවෙන් ඒ ඒ ගොඩනැගිලි වලට සිර කරුවන් වෙතින්ම නායකයන් පත් කර ගනිති .සිරගෙහි ඔවුන් හැදුන්වන්නේ මාර්ෂල් යන නමිනි. රයෙස් ද එවැනි මාර්ෂල් වරයෙකි. දෙවියන් යැදීම මිස අපට වෙනත් සරණක් නැති බව රයේස් සිතයි. මැනිලා සිර කඳවුරේ ජීවත් වන්නන්ගෙන් 90%ක්ම දෙනා සිටින්නේ රයෙස් සිටින තත්ත්වයේමය එනම් ඔවු තවමත් අධිකරණය මගින් වැරදි කරුවන් බවට පත්වී නැත. එසේත් නැත්නම් නියමිත ඇප මුදල ගෙවා දමන්නට ඔවුන්ට මුදල් නැත.

සිරගත වී කලක් ගත වූ පසු පවුල් වල උදවියද බොහෝ විට මෙම සිර කරුවන් අතහැර දමන අතර සිර ගත වූ පසු කිසි දිනෙක සිය පවුලේ සාමාජිකයන් වසර ගණනනාවක් නොදුටු සිර කරුවෝද මෙහි වෙයි. ඔවුන්ගෙන් බෙහෝමයක් දෙනා ඒ හේතුව නිසාම ගෙල වැ‍ලලාගෙන මිය ගිය අවස්‍ථා රැසකි. රයේස් සිර ගත වූ වසර 14ටම ඔහුගේ පවුලේ කිසිවෙක් ඔහුව බලන්නට පැමිණ නැත. සිය දිවි හානි කරගන්නන් බොහෝමයක් එසේ කර ගැනීමට හේතුව වී ඇත්තේ සිය පවුලේ සාමාජිකයන් කිසි දිනෙක තමන්ව බැහැ දැකීඹට නොඒමය.

ආහාර හා සනීපාරක්ෂව ගැන ඔවුන් ට ඇත්තේ දුක් බර අත්දැකීම් පමණක්මය. එමෙන්ම මැනිලා සිර කඳවුරට එන බෙහෝමයක් තරුණයින්ට ඉතා අමානුෂීය ලෙස ලිංගික අඩන්තේට්ටම් වලට මුහුණ දෙනන්ට සිදු වන අවස්ථා බොහෝමයකි. ඒ අතර ඇතැමුන් සිය ජීවිත කාලයටම මෙහිදී  සමරිසි සහකරුවෙක් සොයා ගන්නා අවස්ථාද දැකිය හැකි වේ.

මේ කුමන අත්දැකීම මැද වුවද ඔවුන්ට නිදහසක් හෝ සැනසිල්ලක් අහිමිය. වසර ගණනාවක රෑ දහවල් තමන් ට නිදහස සොයන ඔවුන්ගෙන් බෙහොමයකට මෙම ඉරණම අත් වී ඇත්තේ කිසිදු වරදක් නොකරය. නමුත් දිනෙන් දින සිදු වන්නේ මෙහි පැමිණෙන්නන් සීඝ්‍රයෙන් වැඩි වීමක් මිසක එහි ජීවත්ව සිටිනන්නට විමුක්තිය ලබා දීමක්නම් නොවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි