×

සෙනෙට් සභාවේ සාධුකාර මැද බයිඩන් ඉතිහාසගත වේ; ජාතික දේශගුණික හා බලශක්ති ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඩොලර් බිලියන 369ක් වෙන් කරයි.

2030 වන විට එක්සත් ජනපදයේ කාබන් විමෝචනය 50% කින් අඩු කිරීම අපේක්ෂා කරන අතර දේශගුණික ක්‍රියාකාරකම් සඳහා ඩොලර් බිලියන 369 (පවුම් බිලියන 305) ඇතුළත් වේ. මෙය එක්සත් ජනපදය කර ඇති ඉතිහාසයේ විශාලතම ආයෝජනය වේ.


එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් බලයට පැමැණෙන්නේම ආකර්ශනීය දේශගුණික ප්‍රතිපත්තියක් සමඟය. ඔහු එහිදී හඳුන්වාගනු ලැබුවේ තමන් දේශගුණික ජනාධිපතිවරයෙකු වශයෙනි. 2030 වන විට එක්සත් ජනපදය සිය විමෝචනය අඩකින් කපා හරින බවට ජනාධිපතිවරයා සපථ කර ඇති අතර එක්සත් ජනපදය වෙනුවෙන් ජාතික දේශගුණයක් හා බලශක්ති ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ඉදිර්පත් කළ දේශගුණික පනත සෙනෙට් සභාව මේ වන විට සම්මත් කර ඇත. එය මුළුමහත් ලෝකයටම සුබ පණිවුඩයක් වනු ඇත.

මෙම පනත සම්බන්ධයේන ඩිමොක්‍රටික් පාක්ෂිකයින් මාස ගනනාවක් තිස්සේ ඔවුන් අතර සාකච්ඡා පැවැත්වූයේ පනතට පක්ෂයේ සෙනෙට් සභිකයින් 50 දෙනා එකඟ කර ගැනීම වෙනුවෙනි. ජනාධිපති බිඩෙන් විසින් නීතියට අත්සන් කිරීමට පෙර එය පහසුවෙන් සම්මත කිරීමට අපේක්ෂා කෙරිණ. පසුගිය දා ගල් අඟුරු බලාගාරවලින් විමෝචනය නියාමනය කිරීමට එක්සත් ජනපද පාරිසරික ආරක්ෂණ ඒජන්සියට (EPA) ඇති හැකියාවට ශ්‍රේෂ්ඨාධිකරණය මංචු දමනු ලැබුවේ විනිසුරුවන් 6න් 3ක පිටුබලයක් සමඟයි. මෙම තීරණය ඇමරිකාවට පමණක් නොව සමස්ත ලෝකයටම බලපෑම් කළ හැකි තීරණයක් බවට පත්විය. මේත් සමඟ ජනාධිපතිවරයාට හිමි බලතල හරහා එය නැවත නීතියක් බවට පත් කිරීමට සෙනෙට් සභිකයන්ගේ පිටු බලය අවශ්‍ය වූ අතර මේ ලැබී ඇත්තේ ඒකී සහයෝගයයි.

2030 වන විට එක්සත් ජනපදයේ කාබන් විමෝචනය 50% කින් අඩු කිරීම අපේක්ෂා කරන අතර දේශගුණික ක්‍රියාකාරකම් සඳහා ඩොලර් බිලියන 369 (පවුම් බිලියන 305) ඇතුළත් වේ. මෙය එක්සත් ජනපදය කර ඇති ඉතිහාසයේ විශාලතම ආයෝජනය වේ. මේත් සමඟ බයිඩන් ඉතිහාසගතවනු නොඅනුමානය. ධවල මන්දිරය පවසන පරිදි ඩොලර් බිලියන 700 (පවුම් බිලියන 580) ඉක්මවන පැකේජයක කොටසක් ලෙස එය ආයතනික බදු සහ අඩු සෞඛ්‍ය සේවා පිරිවැය ඉහළ දමනු ඇති බවයි.
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත මේ පිළිබඳ සඳහන් කර තිබුණේ , “දැන් මට මගේ දරුවා දෙස බලා කියන්න පුළුවන්, අපි ඇත්තටම දේශගුණය ගැන යමක් කරමින් සිටින බව” යනුවෙනි.

බයිඩන් මෙම පනත “ඓතිහාසික” තත්වයක් ලෙස හැඳින්වූ අතර ඔහු දේශගුණික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජනපදය නැවත ජාත්‍යන්තර වේදිකාවට ගෙන ගොස් තිබේ. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඔහු 2030 වන විට එක්සත් ජනපද හරිතාගාර වායු විමෝචනය අවම වශයෙන් 50% කින් අඩු කරන බවට පොරොන්දු විය. මේ වන විට එක්සත් ජනපදය මාරාන්තික ගංවතුර හා ලැව්ගිනිවලින් පීඩා විඳිති.දේශගුණික විපර්යාස ලැව්ගිනි අවුලුවාලීමට හේතු වී ඇති. ඒ අනුව ආන්තික කාලගුණික හා ස්වාභාවික විපත්වලට ඔරොත්තු දිය හැකි යටිතල පහසුකම් ගොඩනැගීමට උපකාර කිරීම සඳහා ඔහු පසුගිය මාසයේදී ඩොලර් බිලියන 2.2 ක් ප්‍රකාශ කළේය.

කාර්මික යුගය ආරම්භයේ සිට ලෝකය දැනටමත් සෙල්සියස් අංශක 1.1 කින් පමණ උණුසුම් වී ඇති අතර ලොව පුරා රජයන් විමෝචනය දැඩි ලෙස කප්පාදු නොකළහොත් උෂ්ණත්වය තවදුරටත් ඉහළ යනු ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි