×

සෙලෙනෙස්කි පෙරටුගාමී නගර වෙත

රුසියා – යුක්රේන යුද්ධය මේ වන විට  දිනෙන් දින නව පුවත් මවමින් තිබේ. යුක්රේන ජනපති වොලඩමීර් සෙලෙන්ස්කි ඊයේ දින අගනුවරින් පිටත්ව පෙරටුගාමී ඉදිරිපෙළ නගර දෙකක් වන Mykolaiv සහ Odesa හි සංචාරයක නිරතව ඇත. ඔහු මෙහිදී හානියටපත් නගර පරික්ෂා කරමින් සිය සොල්දාදුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ විමසා බැලූ බව යුක්රේන රජය නිවේදනය කරයි.  කළු මුහුදු වෙරළ තීරය ආරක්ෂා […]


රුසියා – යුක්රේන යුද්ධය මේ වන විට  දිනෙන් දින නව පුවත් මවමින් තිබේ.

යුක්රේන ජනපති වොලඩමීර් සෙලෙන්ස්කි ඊයේ දින අගනුවරින් පිටත්ව පෙරටුගාමී ඉදිරිපෙළ නගර දෙකක් වන Mykolaiv සහ Odesa හි සංචාරයක නිරතව ඇත. ඔහු මෙහිදී හානියටපත් නගර පරික්ෂා කරමින් සිය සොල්දාදුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ විමසා බැලූ බව යුක්රේන රජය නිවේදනය කරයි.  කළු මුහුදු වෙරළ තීරය ආරක්ෂා කිරීමේදී මෙම නගර දෙකම රුසියන් හමුදාවේ ප්‍රධාන ඉලක්ක බව කියුවේ. මෙම නගරවල සංචාරය කළ යුක්රේන ජනාධිපතිවරයා විසින් ඉදිරිපෙළ සෙබලුන් වෙත ප්‍රකාශ කර තිබුණේ අපට ඇති එකම දෙය යුක්රේනය බවත්,  ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත්ය. යනුවෙන් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

සිය සෝවියට් අසල්වාසියා වෙනුවෙන් රුසියානු ප්‍රහාර දියත් වූයේ පසුගිය පෙබරවාරි 24වන දින සිටය. ඉන් අනතුරුව ඇති වූ දරුණු යුද්ධයේදී සිවිල් වැසියන් 4500කට වැඩි පිරිසක් මිය ගොස් 5600කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. දෙපාර්ශවයේම සටන්කරුවන් දහස් ගණනක් මිය ගොස් හෝ තුවාල ලබා ඇත. එමෙන් ම මිලියන 13 කට අධික ජනතාවක් තම නිවෙස්වලින් පලා ගොස් ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය තොරතුරු අනාවරණය කරයි.

මේ වන විට ඇමරිකාව යුක්රේන හොඳ හිත ඇති වී තිබේ. මෙම යුද්ධයට ප්‍රතිචාර වශයෙන් රුසියාව වෙනුවෙන් දැඩි සම්බාධක පනවා ඇත. එමෙන්ම ආයුධ ද  යුක්රේනය වෙත  ලබා දී ඇත. නමුත් න්‍යෂ්ටික සුපිරි බලවතෙකු වන රුසියාවට එරෙහි යුද්ධයට සෘජුව මැදිහත් වී නොමැත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක අමාත්‍යංශය විසින් ඊයේ(18) දින ප්‍රකාශ කර තිබුණේ රුසියාව Luhansk හා Donbas වලින් සමන්විත Donetsk කලාපයට යාමේ අවධානමක් පවතින බවයි. මේ පිළිබඳ යුක්රේන හමුදාව ප්‍රකාශ කර තිබුණේ Severodonetsk අවට මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් Krasnopillya අසල Donetsk හා Syrotyne හි Luhansk යන ප්‍රදේශවල රුසියන් හමුදා මැඩ පැවැත්වූ බවයි.

මෙම යුද්ධය හේතුවෙන් මීට පෙර, දිනකට මරණ 100 ක් දක්වා වාර්තා වන බව යුක්රේන මාධ්‍ය විසින් අනාවරණය කිර තිබිණි. මේ වන විට දිනකට යුක්රේන සොල්දාදුවන් 500 පමණ මිය යන බවට ඇතැම් රජයේ නිලධාරීන් වාර්තා කර තිබේ. මෙම වාර්තා තරයේ ප්‍රතික්ෂප කරන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ මේ හා සම්බන්ධ අදාළ තොරතුරු වෙත ප්‍රවේශය නොමැති බවත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් ලබා දිය නොහැකි බවයි.තම රට සාම සාකච්ඡාවලට එළඹෙන්නේ “අවසාන රුසියානු සොල්දාදුවා යුක්රේනයෙන් පිටව ගිය” පසුව බව Kyiv හි නගරාධිපති Vitali Klitschko බීබීසී වෙත පවසා ඇත.

එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් රුසියාවට එරෙහි යුද්ධයේ දී සිය සහයෝගය යුක්රේනයට ලැබෙන බවත්, දිගු කාලයක් යුක්රේනය සමඟ රැදී සිටින බව ප්‍රකාශ කර ඇත. මේ වන විට රුසියාව අත්පත් කරගෙන ඇති භෞමික ජයග්‍රහණ සුරක්ෂිත කිරීමට පුටින් සමත් වුවහොත් එය “ව්‍යසනයක්” වනු ඇති බව ඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි