×

සෝමාලියාවේ තත්වය බරපතලයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය දා සෝමාලියාව සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරන්නට විය. පානිය හා ආහාර අර්බුධය සම්බන්ධව හදිසි පියවරක් නොගතහොත් දරුවන් 350,000ක් සාගින්නෙන් මිය යා හැකි බවට ඔවුන් සඳහන් කරයි.


එරට දැනටමත් මිනිසුන් දැඩි නියඟයකට මැදි වී ඇත. ලෝක ආහාර වැඩසටහනේ විශ්ලේෂණයකට අනුව, වසර 40 කට පෙර චන්ද්‍රිකා දත්ත සටහන් අනුව අප්‍රිකාවේ කලාපයේ සමහර ප්‍රදේශ උණුසුම්ව ඇත.

මානුෂීය ආධාර සංවිධාන මෙම නැඟෙනහිර අප්‍රිකානු රට වෙනුවෙන් වසර ගණනාවක් පුරා බිලියන ගණනක් වියදම් කර ඇතත් සෝමාලි ජාතිකයන්ට එහි ප්‍රතිලාභ හිමි වි ඇත්ද යන්න පිලිබඳව ප්‍රශ්නකාරි වේ.

ආහාර අර්බුධය සහ උග්‍ර පානිය ජල හිඟය මෙහිදි කැපි පෙනේ.වගා කටයුතු සිදු කල නොහැකි මට්ටම දක්වා ජල අර්බුධය නොමැති විම ආහාර අර්බුධ උග්‍ර කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනිසෙෆ් සංවිධානය ජල බවුසර් රථ යවා ඇති අතර, එය ඉලක්ක කර ඇති මිලියන 1.2 ක ජනතාවගෙන් 110,000 කට ළඟා වී ඇති බව ඔවුන් පවසයි.

මිලියන 6.4 ක පමණ ජනතාවකට ජලය සහ සනීපාරක්ෂක ආධාර අවශ්‍ය වේ. එම නියෝජිතායතනය පවසන්නේ මෙවැනි බවුසර් රථ යැවීමේ ඉලක්කය සපුරා ගැනීමට ඩොලර් මිලියන 18 ක් අවශ්‍ය වන අතර ජල සැපයුම් පද්ධති සහ ළිං වැනි වෙනත් ආධාරකයන්ද ඊට සමගාමීව අවශ්‍ය බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි