×

හඳුනා නොගත් රෝගයකින් ළමුන්ට බලපෑම්

දරුණු හෙපටයිටිස් රෝග වාහක වර්ගයක් මෑත සතිවල රටවල් 11ක් පුරා ළමුන් 170කට ආසන්න සංඛ්‍යාවකින් හඳුනාගෙන ඇති අතර , රෝගය මෙතෙක් නිෂ්චය කර නොමැති වීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අවධානයකින් පසුවේ.


ආසන්නතම සිදු වීම ලෙස ඉන්දුනීසියාවේ ළමුන් තිදෙනෙකු හදුනානොගත් අක්මා රෝගයකින් ජකර්තා අගනුවර රෝහල්වල මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති අතර, ඒ සමගම ගෝලීය මරණ සංඛ්‍යාව හතර දක්වා ඉහළ නංවයි.

මිය ගිය වයස අවුරුදු දෙකේ, අටේ සහ 11 හැවිරිදි දරුවන්ට උණ, සෙංගමාලය, වලිප්පුව සහ සිහිය නැතිවීම ද ඇති වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Siti Nadia Tarmizi පවසන්නට විය.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට සම්පූර්ණ වෛරස් පරීක්ෂණ මණ්ඩලයක් ක්‍රියාත්මක කරමින් රෝගයට හේතුව සොයා බලමින් සිටින බවත් ඇය විදෙස් මාධ්‍යයට පැවසුවාය.

තම දරුවන්ගේ මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම රෝහල් ගත කරන ලෙස ද එරටසෞඛ්‍ය අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

එක්සත් ජනපදයේ, රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් සිකුරාදා ඇලබාමා හි මෙවැනිම සංකුලතා සහිත පොකුරක් පිළිබඳ අධ්‍යයනයක් ප්‍රකාශයට පත් කරන ලද අතර, එහිදී ළමුන් නව දෙනෙකු Adenoviruses නම් පොදු රෝග කාරකය සඳහා ධනාත්මක බවට තහවුරු කරන්නට විය.

Adenoviruses බහුලව පැතිරෙන්නේ සමීප පුද්ගල සම්බන්ධතා, ශ්වසන ජල බිඳිති සහ දූෂිත පෘෂ්ඨයන් සමඟ ස්පර්ශ වීමෙනි.

බොහෝ විට සෙම්ප්‍රතිශ්‍යාව පමණක් නොව තවත් බොහෝ රෝග ඇති කරන ඇඩිනෝ වයිරස් වර්ග 50කට වඩා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි