×

හයිටි භූමිකම්පාවෙන් 304 ක් මිය ගිහින් – පුද්ගලයන් රැසක් තවමත් සුන්බුන් අතර

භූමිකම්පා බහුල කලාපයක පිහිටි හයිටි රාජ්‍යයේ පසුගිය 2010 වසරේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයන් ලක්ෂ 02 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි විය.


හයිටි රාජ්‍යයට බලපෑම භූමිකම්පාවෙන් මේ වනවිට පුද්ගලයන් 304 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. තවත් 1800 ක් පමණ තුවාල ලබා ඇති බවයි සංඛ්‍යා ලේඛන තහවුරු කරන්නේ.

කෙසේ නමුත් තවමත් පුද්ගලයන් රැසක් සුන්බුන් අතර සිරව සිටින බැවින් මරණ ප්‍රමාණය මෙන්ම තුවාල ලැබූවන්ගේ ප්‍රමාණයද ඉහළ යනු ඇත.

ඊයේ පස්වරුවේ හයිටි රාජ්‍යය ආසන්නයේ ඇති වූ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වයට සටහන් වූයේ රිච්ටර් මාපාංක 7.2 ක් ලෙසයි.

මෙම අර්බුදකාරී තත්වය හේතුවෙන් හයිටි රාජ්‍ය තුළ මාසයක පමණ කාලයක් සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ වනවිටත් ඇමරිකාව ඇතුළු කලාපයේ රටවල් කිහිපයක් සහන සේවා කණ්ඩායම් හයිටි රාජ්‍යය වෙත පිටත් කර යැවීමට තීරණය කර තිබේ.

භූමිකම්පා බහුල කලාපයක පිහිටි හයිටි රාජ්‍යයේ පසුගිය 2010 වසරේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයන් ලක්ෂ 02 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි විය.

  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි