×

හෑන්ඩ් ඔෆ් ගෝඩ්,මැරඩෝනා කමිසය ඉහළ වෙන්දේසියක

1986 ලෝක කුසලානයේ දී එංගලන්තයට එරෙහිව ආර්ජන්ටිනාව වෙනුවෙන් 'හෑන්ඩ් ඔෆ් ගෝඩ්' ගෝලය සහ 'ශතකයේ ගෝලය' ලබා ගන්නා විට දියාගෝ මැරඩෝනා පැළඳ සිටි කමිසය වාර්තාගත පවුම් මිලියන 7.1 කට අලෙවි වී තිබේ.


එය ක්‍රීඩා සමරු භාණ්ඩයක් සඳහා මෙතෙක් ගෙවා ඇති ඉහළම මිලයි.

එංගලන්තයේ හිටපු මැදපෙළ පාපන්දු ක්‍රීඩක ස්ටීව් හොජ් විසින් වසර 36කට පසු එය වෙන්දේසියට ඉදිරිපත් කරන්නට විය.

මෙක්සිකෝවේ පැවති සුප්‍රසිද්ධ අර්ධ අවසන් පූර්ව තරගයෙන් පසුව එය මැරඩෝනා සමඟ ඔහු එදින හුවමාරු කරගන්නට විය. නමුත් 2020 දි නොවැම්බරයේ මැරඩෝනා මියගිය පසු, හොජ් පැවසුවේ කමිසය විකිණීමට අදහස් කර නොමැති බවයි.

ක්‍රීඩා තරඟයක් අතරතුර පැළඳ සිටි කමිසයක් සඳහා ගෙවන ලද ඉහළම ගාස්තුව 2019 දී ඩොලර් මිලියන 5.6කට අලෙවි වූ අතර, එය New York Yankees ජනප්‍රිය Babe Ruth ගේ බේස්බෝල් ජර්සිය යි.

2019 වසරේදීම 1892 දී ලියන ලද මුල් ඔලිම්පික් ප්‍රකාශනය ඩොලර් මිලියන 8.8කට අලෙවි වූ අතර එය මිල අධිකම ක්‍රීඩා මතක සටහනක් බවට පත් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි