×

හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොවඩ් සංකුලතා නිසා මියයයි

පවෙල් 1958 උපාධිය ලැබීමෙන් පසු යුද හමුදාවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස උසස් විමක් ලබා ගත්තේය. ඔහු වසර 35 ක් වෘත්තීය සොල්දාදුවෙකු වූ අතර, එම කාලය තුළ ඔහු අණ සහ කාර්ය මණ්ඩල තනතුරු රාශියක් දරමින් ඉහල මට්ටමේ තනතුරු වලට තේරි පත් විය. ඔහු 1989 දී එක්සත් ජනපද හමුදා බලකායේ අණ දෙන නිලධාරියා විය.


හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් 84 හැවිරිදි කොලින් පවෙල් කොවිඩ් -19 සංකූලතා හේතුවෙන් මියයයි.හිටපු උසස් හමුදා නිලධාරියෙකු වන පවෙල් සඳුදා උදෑසන මිය ගිය බව ඔහුගේ පවුලේ අය සඳහන් කරන්නට විය. පාකින්සන් රෝගය අනුව රුධිර පිලිකා රෝගයකින් පිඩා විදි පවෙල් කොවිඩ් රෝග ලක්‍ෂණ වලට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පසුවන මොහොතක දිවි ගෙවා තිබේ.

1937වරේ උපන් පවෙල් 2001 සිට 2005 දක්වා බුෂ් පාලනය තුල ඇමරිකා එක්සත් ජනපදයේ 65වැනි රාජ්‍යෙල්කම්වරයා ලෙස සේවය කර ඇත. පවෙල් ප්‍රථම අප්රිකානු සම්භවයක් සහිත ඇමරිකානු රාජ්‍ය ලේකම් විය.ඔහු 1987 සිට 1989 දක්වා එක්සත් ජනපදයේ 16 වන ජාතික ආරක්‍ෂක උපදේශක ලෙස ද 1989 සිට 1993 දක්වා සම මාණ්ඩලික ප්‍රධානීන්ගේ 12 වන සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.ඔහුගේ දෙමාපියන් වූ ලූතර් සහ මෝඩ් පවෙල් ජැමෙයිකාවේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූහ.

පවෙල් 1958 උපාධිය ලැබීමෙන් පසු යුද හමුදාවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස උසස් විමක් ලබා ගත්තේය. ඔහු වසර 35 ක් වෘත්තීය සොල්දාදුවෙකු වූ අතර, එම කාලය තුළ ඔහු අණ සහ කාර්ය මණ්ඩල තනතුරු රාශියක් දරමින් ඉහල මට්ටමේ තනතුරු වලට තේරි පත් විය. ඔහු 1989 දී එක්සත් ජනපද හමුදා බලකායේ අණ දෙන නිලධාරියා විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි