×

හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිට සිර දඩුවම්

2007 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගෙන් රහසිගතව පවුම් මිලියන 50 ක් ලබා ගත් බවටද සාර්කෝසිට චෝදනා පවති.


හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසි 2012 වසරේදි නැවතවරක් මුහුණ දුන් සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා අති විශාල දේශපාලන සංදර්ශන සහ පැවති දේශපාලන රැළි සඳහා නීති විරෝධී ලෙස මුදල් යෙදවීම සම්බන්ධයෙන් වරදකරු වීමෙන් සිර දඩුවම් නියම වී තිබේ.ප්‍රංශ දක්ෂිණාංශිකයේ බලවත් චරිතයක් වන 66 හැවිරිදි ඔහුට වසරක සිර දඩුවමක් මෙසේ නියම වූ අතර අවශ්‍ය නම් විද්‍යුත් මාංචු පලදමින් නිවාස අඩස්සියේ තබා ගත හැකි බවටද විනිසුරුවරයා සඳහන් කරන්නට විය.

නීති විරෝධී උද්ඝෝෂණ සඳහා මුදල් යෙදවීම සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවට එරෙහිව සර්කෝසි ද අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥවරයා පැවසීය. මෙම සිද්ධි දෙකේදී ඔහු වැරදි ක්‍රියාවන් ප්‍රතික්ෂේප කර ඇත.සාර්කෝසිගේ ප්‍රචාරක වියදම් අවම වශයෙන් පවුම් මිලියන 42.8 ක් වූ අතර එය එරට නීතිමය සීමාව මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.

තීන්දුව ලබා දෙමින් විනිසුරුවරයා පැවසුවේ නීතිමය වියදම් සීමා ඉක්මවා යාමේ අවදානම එවකට සාර්කෝසි වෙත ලිඛිතව දැනුම් දීමෙන් පසුවත් ඔහු සිය රැලි සංවිධානය කිරීම නතරකර නොමැත.සිර දඩුවමක් ලැබූ පළමු ප්‍රංශයේ ජාතික දේශපාලන නායකයා සර්කෝසි වුවත්, උසාවියේදී වරදකරු වූ පළමු දේශපාලන නායකයා ඔහු නොවේ. 2011 දී පැරීසියේ නගරාධිපතිව සිටියදී සිදු වූ වංචා දූෂණ චෝදනා හේතුවෙන් එවකට 79 හැවිරිදි ජැක් සිරාක්ට වසර දෙකක අත්හිටවූ සිර ද ඩුවමක් එවකට නියම විය.

2007 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගෙන් රහසිගතව පවුම් මිලියන 50 ක් ලබා ගත් බවටද සාර්කෝසිට චෝදනා පවති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි