×

හිටපු බොලිවුඩ් නළු සුෂාන්ත් සිං ගේ පෙම්වතිය සැකපිට අත්අඩංගුවට ගනී !

මීට මාස කිහිපයකට පෙර සියදිවි නසාගත් ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුට් ගේ පෙම්වතිය වූ, ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රියා චක්‍රබෝර්ති නමැති ඇයද බොලිවුඩ් නිළියක් වන අතර ඇය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ සුෂාන්ත් සිං ගේ මරණය සැකකටයුතු හෙයිනි.

ඒ සම්බන්ධයෙන් රියාගෙන් දින තුනක් තිස්සේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් ඇය අත්අඩංගුවට ගැනීමට තීරණය කර තිබෙන්නේ.

මීට පෙර රියාගේ සහෝදරයෙකු වන ෂොයික් චක්‍රබෝර්ති ද මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත්අඩංගුවට පත්විය.

පෙම්වතිය විසින් සුෂාන්ත් සිංට මත්ද්‍රව්‍ය ලබා දී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර පෙම්වතියගේ ජංගම දුරකතනය හරහා ඒ සඳහා අදාල සාක්ෂිද ඉන්දීය බළධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

සුෂාන්ති සිංගේ මරණය සැක සහිත බවට ඔහුගේ ප්‍රේක්ෂකයන් මෙන්ම ඔහුගේ සමීපතමයන්ද දිගින් දිගටම සඳහන් කළ අතර පෙම්වතිය අත්අඩංගුවට පත්වීමත් සමග එම සැකය තහවුරු වී තිබෙනවා.

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි