×

හින්දු ජාතිකවාදය ඉන්දියාවේ යළිත් මතුවීමත් සමඟ මහත්මා ගාන්ධි ඝාතකයා ගෞරවයට පාත්‍රවෙයි!

ඔවුන් එක් රැස්ව සිටියේ මහත්මා ගාන්ධිට වෙඩි තැබූ පුද්ගලයා වන නාතුරාම් ගොඩ්සේ වෙනුවෙන් කැප කරන ලද අනුස්මරණ පුස්තකාලයක් සහ “දැනුම් මධ්‍යස්ථානයක්” වන ගොඩ්සේ ගයාන් ෂාලා සමාරම්භක උත්සවයට සහභාගී වීමටයි


පසුගිය ඉරිදා ඉන්දියාවේ නව දිල්ලියට කිලෝමීටර් 320 ක් දකුණින් පිහිටි ග්වාලියර් ගොඩනැගිල්ලක විශාල පිරිසක් රැස්ව සිටියහ. බොහෝ දෙනෙක් දීප්තිමත් කහ පැහැති තොප්පි සහ ස්කාෆ් පැළඳ සිටියහ. කහ වර්ණය යනු හින්දු ජාතිකවාදයට අනුබල දෙන වර්ණයකි. මෙසේ රැස්ව සිටි බොහෝ දෙනෙක් සිටියේ පූජා අවස්ථා සඳහා සකසන පරිදි මල් පොකුරු හා වට්ටි අතැතිවයි.

මෙසේ ඔවුන් එක් රැස්ව සිටියේ මහත්මා ගාන්ධිට වෙඩි තැබූ පුද්ගලයා වන නාතුරාම් ගොඩ්සේ වෙනුවෙන් කැප කරන ලද අනුස්මරණ පුස්තකාලයක් සහ “දැනුම් මධ්‍යස්ථානයක්” වන ගොඩ්සේ ගයාන් ෂාලා සමාරම්භක උත්සවයට සහභාගී වීමටයි. කහ සහ රෝස පැහැ    මල් ගොඩ්සේගේ කළු සුදු ඡායාරූපයක් වටා අතුරා තිබුණි.

1948 ජනවාරි 30 වන දින ගොඩ්සේ ගාන්ධි ඉදිරිපිටට ගොස් තුන් වතාවක් වෙඩි තැබුවේය. හින්දු ජාතිකවාදය කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති ගොඩ්සේ සිතුවේ පාකිස්තානය බිහි කිරීමට සහ මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට සහය වෙමින් ඉන්දියාවේ හින්දු භක්තිකයන් පාවා දී ඔවුන්ව බෙදා වෙන් කිරීමට ගාන්ධි කටයුතු කළ බවයි.ඒ හේතුවෙන් ඔහු ගාන්ධිව ඝාතනය කළ අතර ගාන්ධිගේ ඝාතනය සම්බන්ධයෙන් 1949 දී ගොඩ්සේ එල්ලා මරා දමන ලදී.

ඊළඟ දශක කිහිපය තුළ ගොඩ්සේ “ඉන්දියාවේ පියාගේ” ඝාතකයා ලෙසත් ත්‍රස්තවාදියෙකු හා ද්‍රෝහියෙකු ලෙසත් පුළුල් ලෙස විවේචනයට ලක් විය.

එහෙත් මෑත වසරවලදී, හින්දු ජාතිකවාදය අන්තවාදී මායිමක සිට ප්‍රධාන ධාරාවේ ඉන්දියානු දේශපාලනය කරා ගමන් කර ඇති හෙයින්, ගොඩ්සේ ද්‍රෝහියෙකු ලෙස හෙළා දැකීම වරදවා වටහාගැනීමක් ලෙස හදුනාගෙන ඇති ඔහු මේ වන විට ඉන්දියානු දේශප්‍රේමියෙකු ලෙස ගෞරවයට පාත්‍ර වී තිබේ.

අනුස්මරණ පුස්තකාලය ඉදි කළ හින්දු ජාතිකවාදී සංවිධානය වන හින්දු මහා සභාවෙහි ජාතික ලේකම් දේවේන්ද්‍ර පාණ්ඩේ පැවසුවේ ගාන්ධි ඝාතනය කිරීමෙන් ගොඩ්සේ ඉන්දියාව වෙනුවෙන් කළේ යහපතක් බවයි. ඉන්දියාව හින්දු භක්තිකයින්ට සුදුසු රටක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බවත්, මිලියන 200 ක මුස්ලිම් ජනතාව පාකිස්තානයට යා යුතු බවත් ඔහු විශ්වාස කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි