×

‘හිස් ප්‍රේක්ෂකාගාරවල මොන ක්‍රිකට් ද? ‘‘ – 2020 T20 තරගාවලිය කල් යන ලකුණු

2020 ඔක්තෝබර්-නොවැම්බර් මාසවලදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ව තිබූ T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් තැබීමට ඉහළ අවදානමක් තිබෙන බව වාර්තා වේ.


ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පවසන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන ගෝලීය ගුවන් ගමන් සීමාවන් සහ සමාජ දුරස්ථකරණ රීති හේතුවෙන් මෙම තීරණය ගනු ලබන බවත්, ඒ නිසා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 80 ක පමණ අති දැවැන්ත පාඩුවක් සිදුවීමට නියමිත බවත් ය.

නමුත් සැලසුම් කළ පරිදි තරගාවලිය පැවැත්වුවහොත්, එය පවත්වන්නට සිදුවනු ඇත්තේ හිස් ප්‍රේක්ෂකාගාර සහිත ක්‍රීඩාංගනවල බව ද Cricket Australia හෙවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් රොබට්ස් පවසයි.

කෙසේ නමුත් මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිත ව තිබෙන්නේ ජූනි 10 වැනිදා ට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි