×

හොන්ඩුරාස් ජනාධිපති පත් වීම අර්බුධයක් වන ලකුණ

මින් වසර හතරකට පෙර, ඔර්ලන්ඩෝ හර්නාන්ඩස් විපක්ෂයේ සහ ජාත්‍යන්තර නිරීක්ෂකයින්ගේ විරෝධතා මධ්‍යයේ ව්‍යවස්ථා විරෝධී ලෙස දෙවන ධුර කාලයක් වෙනුවෙන් පෙනී සිට ජයග්‍රහණය කළේය. එය එරට මාසයක් පුරා විරෝධතාවයක් ඇති කල අතර, පසුව එකි විරෝධතා ආන්ඩුව මර්දනය කිරීමත් සමග 30 කට වැඩි පිරිසක් මිය යන්නට විය.


එක්සත් ජනපදය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති ආන්දෝලනාත්මක චරිතයක් වන හොන්ඩුරාස් ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නාන්ඩස් වෙනුවට මිලියන පහකට අධික ජනතාවක් පසුගිය ඉරිදා නැවත වරක් ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ හොන්ඩුරාස් හි ප්‍රචණ්ඩකාරි තතවයක් නිර්මාණය වීමට ආසන්නව පවති.

මින් වසර හතරකට පෙර, ඔර්ලන්ඩෝ හර්නාන්ඩස් විපක්ෂයේ සහ ජාත්‍යන්තර නිරීක්ෂකයින්ගේ විරෝධතා මධ්‍යයේ ව්‍යවස්ථා විරෝධී ලෙස දෙවන ධුර කාලයක් වෙනුවෙන් පෙනී සිට ජයග්‍රහණය කළේය. එය එරට මාසයක් පුරා විරෝධතාවයක් ඇති කල අතර, පසුව එකි විරෝධතා ආන්ඩුව මර්දනය කිරීමත් සමග 30 කට වැඩි පිරිසක් මිය යන්නට විය.

හොන්ඩුරාස් ප්‍රචණ්ඩ කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඇති වූ ස්වභාවික සුළි කුණාටු වලින් දැනටමත් විනාශ වී ඇති අතර, මිලියන 10 ක ජනගහනයෙන් 59% ක් දරිද්‍රතාවයෙන් ජීවත් වන රටක් වශයෙන් ඉදිරියට පැමිණ තිබේ.එරට ජාතික මැතිවරණ කවුන්සිලය (CNE) කල් ඇතිව ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 18,000ක් පමණ පොලිස් භට පිරිසක් සහ සොල්දාදුවන් සංඛ්‍යාවක් රට පුරා රාජකාරියේ යොදවා ඇත.

 

හර්නාන්ඩස්ගේ සොහොයුරෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ බන්ධනාගාරයක ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටියි. එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට ජනාධිපතිවරයා උදව් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටි.

ජනාධිපතිවරණ සටනේ 13දෙනෙකුගෙන් යුත් තුන්වන ප්‍රධාන අපේක්ෂකයා වන ලිබරල් පක්ෂයේ යානි රොසෙන්තාල් මත්ද්‍රව්‍ය ජාවාරම්ස මගින් මුදල් විශුද්ධිකරණය කළ බව පිළිගෙන වසර තුනක් එක්සත් ජනපද සිරගතව සිටියේය.සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, එරට විරැකියාව 2019 හි 5.7 % සිට 2020 දී 10.9%ක් දක්වා ඉහළ ගොස් ඇත. 2020 දී ඇති වූ සුළි කුණාටු දෙකකින් රට දැඩි බලපෑමට ලක් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි