×

ඉන්දීය මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක ආධාරයෙන්

මෙවර මැතිවරණය සදහා ඡන්ද දායකයින් මිලියන 800ක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත අතර දේශ පාලන පක්ෂ 2000කට ආසන්න සඛ්‍යාවත් මැතිවරණය සදහා ඉදිරිපත් වීමට නියමිතය.


ඡන්දදායකයින් මිලියන 800ක් හෙවත් ලොව විශාලතම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සහභාගී වන මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය 2019 අප්‍රේල් හා මැයි මාසය අතර පැවැත්වීමට නියමිත හෙයින්, ඉන්දියාවේ දේශපාලන වාතාවරණය දිනෙන් දින උණුසුම් වෙමින් පවතියි. 

එසේ පවත්වන්නට නියමිතව ඇත්තේ 17 වැනි ලෝක් සභාව හෙවත් ඉන්දීය ආණ්ඩුව පිහිටුවාගැනීමට අදාළ මහ මැතිවරණයයි. 

දේශපාලන පක්ෂ 2000කට ආසන්න සඛ්‍යාවත් මැතිවරණය සදහා ඉදිරිපත් වීමට නියමිතය.

මේ හේතුවෙන් ඉතා නිවැරදි ප්‍රතිඵල අපේක්ෂා කිරීම ඉතා සංකීරණ කටයුත්තක් වී තිබේ.

එමනිසා ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් හදුන්වා දීමට ඉන්දීය රජය කටයුතු කරමින් සිටී. මේ සමග දැක්වෙන ඡායාරූපය එම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රය විදහා දක්වයි. 

නමුත් මෙම යන්ත්‍රය හඳුන්වා දීම පිළිබදව විවිධ අදහස් විවේචන මේ වන විට රජය වෙත එල්ල වෙමින් පවතී.

ඉන්දියාවේ ද ලංකාවේ මෙන්ම මෙතෙක් පැවතියේ පෝලිම් ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීමයි.

ඒ අනුව පෝලිම් බූත්වල ඡන්ද දායකයන් හැසිරවීම, පක්ෂ අණසක, හොර ඡන්ද දැමීම වැනි පොදු ප්‍රශ්න සියල්ලම ඒ ආකාරයෙන්ම එහිදී දැකගත හැකි විය.

මෙවැනි ප්‍රායෝගික ගැටළු ගණනාවක් නව තාක්ෂණය මගින් මග හරවා ගත හැකි බව ඉන්දීය රජය පවසයි. 

නමුත් එයට විවේචන ගණනාවක්ම දැනට එල්ල වී තිබේ. 

විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම ඉලෙක්ට්‍රොනික ක්‍රමය හැකර් ප්‍රහාරවලට ලක්විය හැකි බව ය. 

දේශපාලන අධිකාරියට ඡන්ද ප්‍රතිඵල විකෘති කිරීමේ හැකියාව පවතින බවට ද මේ අතර මත පළ වේ. 

ඉන්දියාව 2014 වසරේදී මුල් වරට මෙවැනි ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර ආධාරයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම හඳුන්වා දුන්නේය. ඒ අවස්ථාවේදී නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය බහුතර බලය ලබාගැනීම සඳහා ඡන්ද ප්‍රතිඵල ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහාම වෙනස් කළ බවට ඇමරිකානු තාක්ෂණ නිලධාරීන් පිරිසක් විසින් පෙන්වා දී තිබිණි.

කෙසේ නමුත් නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව මේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි