×

ෆයිසර් වෙතින් කෝවිඩ් 89%කින් නසන කරලක් – එන්නත් කතාව නිම වෙන ලකුණු!

ෆයිසර් සමාගම විසින් කෝවිඩ් අවදානම 89%කින් කපා හරින කරලක් හෙවත් කැප්සියුලයක් නිපදවා තිබේ.


මේ අද්විතීය සොයාගැනීමත් සමග, මෙම කැප්සියුලය සම්බන්ධයෙන් සිදුකෙරෙමින් පැවති ඉදිරි පරීක්ෂණ ද නතර කෙරී ඇත්තේ, එහි සාර්ථකත්වය මේ වන විටත් තහවුරු ව ඇති නිසා ය.

ෆයිසර් සමාගමට අනුව මෙමගින් කෝවිඩ් හේතුවෙන් විය හැකි රෝහල්ගත වීම් හෝ මරණයන් 89%කින් කපා හැරේ.

මෙම පර්යේෂණයට අදාළ සම්පූර්ණ දත්ත මේ වන විට එළිදක්වා නැතත්, වැඩිහිටියන් සම්බන්ධයෙන් මෙම පෙත්ත/කරල නිර්දේශ කිරීමට නියමිත බව ද සඳහන් ය.

එන්නත් තරගය පිටුපසින් මුළු ලෝකයම දිව යද්දී කෝවිඩ් සඳහා පෙත්තක්/කරලක් නිපදවිය නොහැක්කේ මන්ද යන්න ගැන දිගු කාලයක පටන් අවධානය යොමු ව තිබිණි.

Pfizer සමාගමට පෙර Merck & Co Inc සමාගම ද මෙවැනි පෙත්තක් නිපදවීමට උත්සාහ කර තිබූ අතර, මේ වන විට පෙනී යන්නේ පෙත්තක්/කරලක් නිපදවීමේ තරගයෙන් Pfizer සමාගම ජයග්‍රහණය කර ඇති බවයි.

මෙම පුවත සමග ෆයිසර් සමාගමේ කොටස් මිල 11%කින් ඉහළ ගොස් ඇති අතර, එන්නත් නිපදවන සමාගම් වූ මොඩර්නා සහ බයොන්ටෙක් සමාගම්වල කොටස් මිල පහත වැටී ඇති බව ද වාර්තා වේ.

ෆයිසර් සමාගම, මේ වන විට මෙම නව සොයාගැනීම පිළිබඳ සායනික දත්ත ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය වෙත ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි. මෙම සායනික පර්යේෂණය සඳහා ඔවුන් විසින් රෝගීන් 1,219 දෙනෙකු යොදාගෙන ඇත. එම නියැදිය තරබාරු බව හෝ වියපත් වීම වැනි කෝවිඩ් බරපතළ තත්වයට පත් කර එක් කාරණයක් හෝ සහිත, මද හෝ මධ්‍යස්ථ කෝවිඩ්-19 වලින් පෙළෙමින් සිටි අය බව ද සඳහන් ය.

ප්‍රතිකාරයෙන් දින 28 ක් පසුවීමෙන් අනතුරුව එම නියැදියේ කිසිවෙකුත් මරණයට පත් නොවූ බව ද රොයිටර්ස් වාර්තාව සඳහන් කරයි.

එන්නත්වල අතුරු ආබාධ සහ එන්නත් මාත්‍රා දෙකක් සමග බූස්ටරයක් ද ගතයුතු වීම වැනි අර්බුදකාරී මාතෘකාවලට අතුල් පහරක් දීමට අවසානයේ ෆයිසර් සමාගම සමත් වී සිටියි.

මූලාශ්‍රය – Pfizer says antiviral pill cuts risk of severe COVID-19 by 89%



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි