×

ෆාර්ක් ගරිල්ලා අණදෙන නිලධාරී El Paisa ජීවිතක්ෂයට

2016 සිට 2018දක්වා ක්‍රියාත්මක වූ සටන් විරාමයෙන් ඉවත් වු El Paisa ඉන් වසරකට පසු හිටපු ෆාර්ක් නායකයින් වන අයිවන් මාකේස් සහ ජේසු සැන්ට්‍රිච් සමඟ සෙගුන්ඩා මාර්කේටලියා නම් නව කැරලිකාර කණ්ඩායමක් පිහිටුවීම නිවේදනය කරමින් නැවත වරක් ආයුධ අතට ගන්නා බව ප්‍රකාශ කළේය.


කොලොම්බියානු කැරලිකාර ෆාර්ක් ගරිල්ලා කණ්ඩායමේ හිටපු අණදෙන නිලධාරී ‘එල් පයිසා’ වෙනිසියුලාවේ දී ඝාතනය කර තිබේ.

හිටපු නායකයෙකු වන ඔහු වෙනිසියුලාවේ සැඟවී සිටි ප්‍රහාරයකින් මිය ගොස් ඇති එරට බව ප්‍රාදේශීය මාධ්‍ය පසුගිය ඉරිදා වාර්තා කළේය.El Paisa යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Hernán Darío Velásquez වෙනිසියුලාවේ Apure ප්‍රාන්තයේදී මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.මෙතෙක් ඔහුගේ මරණය නිල වශයෙන් තහවුරු කර නොමැති අතර කොලොම්බියානු හමුදාව කියා සිටියේ මෙම ඝාතනය පිළිබඳව තමන් නොදන්නා බවයි.

මාධ්‍ය සඳහන් කරන ආකාරයට මුදලට ඝාතනයන් සිදු කරන අපරාධ කණ්ඩායමක් විසින් Velásquez මරා දමන්නට ඇති බවයි.ඒ ඔහුගේ මරණයට අදාල ත්‍යාග මුදල් ලබා ගැනීම සඳහාය.නමුත් කොලොම්බියානු බලධාරීන් පැවසුවේ නිලධාරීන් ඔහුගේ දේහය දකින තුරු ඔහුගේ මරණය තහවුරු නොකරන බවයි. කොලොම්බියානු ජනාධිපති අයිවන් ඩුක්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ ජනාධිපත් කාර්යාලය මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයමින් සිටින බවයි.

ෆාර්ක් කැරලිකරුවන් යනු 2016 දී සටන් විරාමයක් කැඳවීමට පෙර වසර 50 කට වැඩි කාලයක් කොලොම්බියානු රජයට එරෙහිව සන්නද්ධ යුද්ධයක් දියත් කළ මාක්ස්වාදී කණ්ඩායමකි.

2003 දී 36 දෙනෙකුට මරු කැඳවමින් තවත් 200 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා හි සමාජ ශාලාවකට කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම පිටුපස El Paisa සිටි බවට තහවුරු කරගෙන ඇත.1998 දී මිරාෆ්ලෝර්ස් හි ඒකාබද්ධ හමුදා සහ පොලිස් කඳවුරකට එල්ල වූ ප්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 16 දෙනෙකු මිය යාම පිටුපසද El Paisa ගේ මෙහෙයවීම පැවතිනි.

2016 සිට 2018දක්වා ක්‍රියාත්මක වූ සටන් විරාමයෙන් ඉවත් වු El Paisa ඉන් වසරකට පසු හිටපු ෆාර්ක් නායකයින් වන අයිවන් මාකේස් සහ ජේසු සැන්ට්‍රිච් සමඟ සෙගුන්ඩා මාර්කේටලියා නම් නව කැරලිකාර කණ්ඩායමක් පිහිටුවීම නිවේදනය කරමින් නැවත වරක් ආයුධ අතට ගන්නා බව ප්‍රකාශ කළේය.2016 සටන් විරාමයෙන් පසු ෆාර්ක් ගරිල්ලන් 13,000ක් පමණ ආයුධ බිම තබා ඇති අතර එතැන් සිට එම කණ්ඩායම සුළු දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය වී කොලොම්බියාවේ කොන්ග්‍රසයේ ආසන 10ක් දිනාගෙන ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි