×

ෆේස් මාස්ක්වල ප්‍රශ්න රැසක් – අලුත් නිර්මාණයක් වෙනුවෙන් ඩොලර් ලක්ෂ 5 ක් ලබාදෙන තරගයක්

දැනට භාවිතයේ පවතින ෆේස් මාස්ක් හෙවත් මුහුණු ආවරණ නිසා සෞඛ්‍ය ගැටලු ආදී ගැටලු කිහිපයක් මතුව තිබෙන හෙයින්, භාවිතයට පහසු සහ සෞඛ්‍යමත් නව ෆේස් මාස්ක් ඩිසයිනයක් සඳහා ඩොලර් ලක්ෂ 5 ක මුදලක් වෙන් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.


ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සහ මහජන සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ ‘අලුත් පරම්පරාවක ෆේස් මාස්ක්‘ ලෝකයට අවශ්‍ය වී තිබෙන බවයි.

දැනට වෙළඳපොළේ තිබෙන ෆේස් මාස්ක් නිසා මුහුණු කැසීම, සමේ ආසාත්මිකතා මෙන්ම උපැස් පළඳින අයගේ උපැස් කාචවල ප්‍රශ්වාස වාතය රැඳීමෙන් මිහිදුමක් වැනි පටලයක් නිර්මාණය වීම ද ඇතුළත්.

ඒ වගේම ෆේස් මාක්ස් පැළඳ කතා කිරීමේදී සන්නිවේදන ගැටළු මතු වන බවත් හඳුනාගෙන තිබෙනවා.

ඇමරිකානුවන්ට පමණක් ඉදිරිපත් විය හැකි මෙම තරගය නම් කර තිබෙන්නේ Mask Innovation Challenge: Building Tomorrow’s Mask යනුවෙන්.

එහිදී විද්‍යාත්මක ලෙස කෝවිඩ්-19 වෛරසයට වැට බඳින සහ ඉහත කී අපහසුතා දුරලන ප්‍රොටෝටයිප් හෙවත් පූර්වාකෘති 10 ක් සඳහා ඩොලර් 10,000 බැගින් ලබාදී තරගයට ඇතුළත් කර ගැනෙනවා.

ඉතිරි ඩොලර් හාරලක්ෂය බෙදී යන්නේ හොඳම සංකල්පය තහවුරු කරන පස් දෙනා අතරයි.

පැළඳීම පිළිබඳ සංකීර්ණ උපදෙස් අඩංගු නොවීම, එනම් පහසුවෙන් පැළඳිය හැකි බව සහ පූර්ණ ආරක්ෂාව මෙහි අනිවාර්ය කොන්දේසි බවට පත් ව තිබෙනවා.

මූලාශ්‍රය –

Sky News: COVID-19: Face masks can have their downsides – and the US is offering a $500k prize to designers who solve them



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි