×

ලක්ෂ 15ක රොහින්ග්‍යාවරුන්ට ඡන්ද අයිතිය අහිමි කළ මියන්මාර මැතිවරණයෙන් අවුන් සාන් සු කී ජය ලබයි

රොහින්ග්‍යා ඡන්ද නොමැතිව අවුන් සාන් සුකීගේ පාලක ලක්ෂය ජය ලැබුවත්, මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ දැඩි අර්බුදයක ය.


මියන්මාරයේ නායිකා අවුන් සාන් සු කි ගේ, බලයේ පැවැති පක්ෂය මීළග රජය පිහිටුවන්නට ප්‍රමාණවත් තරම් පාර්ලිමේන්තු ආසන ජයග්‍රහණය කර ඇති බව, පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් වූ නිල ප්‍රතිඵල පෙන්වා දෙයි. එය එසේ වූයේ මිලිටරි නැමියාවක් ඇති විපක්ෂය ද අයිතීන් පිළිබද කණ්ඩායම් ද මතභේදයට ලක් කළ මැතිවරණයක දී ය.

නවතම ඡන්ද ප්‍රතිඵලවලට අනුව, අවුන් සාන් සූ කි ගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය (National League for Democracy – NLD) මියන්මාරයේ රජයක් පිහිටුවන්නට අවශ්‍ය ද්වීමණ්ඩල ව්‍යවස්ථාදායකයේ ආසන 322ක් දිනා ගෙන තිබේ.

NLD පක්ශය ප්‍රකාශිත ආසන 412න් ආසන 346ක් දිනා ගෙන ඇති අතර, තවත් ආසන 64ක ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමට නියමිත ය. මේ සතියේ මුලභාගයේ තමා විශාල ජයග්‍රහණයක් ලබා ඇති බව එම පක්ශය ප්‍රකාශයට පත් කළේ ය.

“NLD පක්ශයට ඔවුන් ගේ ම රජයක් නිර්මාණය කිරීමට ඇති වුවමනාව ජනතාව වටහාගෙන ඇති” බව එම පක්ෂයේ ප්‍රකාශක ම්‍යෝ න්‍යුන්ට් AFP වෙත කියා සිටියේ ය. “මෙය දේශපාලන ගැටුම් අවම කරනවා” යැයි ද ඔහු ප්‍රකාශ කරයි.

නොබෙල් සාම ත්‍යාගලාභියකු ද වන අවුන් සාන් සු කී ගේ පළමු වාරය, රොහින්‍යා ජනවර්ගයට සිදු කළ අව සැලකීම් හේතුවෙන් දැඩි මතභේදයට තුඩු දී තිබේ. මෙය ජන සංහාර‍යක් පිළිබද පරීක්ෂණයකට ද විෂය පථය වී තිබේ – එරට වාර්ගික අර්බුද නිසිලෙස කලමනාකරණය කළ නො හැකි වීම, සහ කොරෝනාවෛරස තත්ත්වය පාලනය කිරීම යනාදී අභියෝග රැසකට මුහුණ දුන්නේ ය.

මියන්මාරය වසර පණහකට ආසන්න කාලයක් දැඩි හමුදා පාලනයකට මුහුණ දුන් අතර, අවුන් සාන් සු කි ද වසර ගණනාවක් නිවාස අඩස්සියේ තබා ගනු ලැබුණේ ය. මේ ජෙනරාල්වරු ගේ බලය කෙමෙන් ගිලිහී ප්‍රථම මැතිවරණය 2011 වසරේ පවත්වන්නට පළමුව ය.

අදටත්, ජනරාල්වරුන් ගේ සමයේ කෙටුම්පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇගේ රජයට හමුදාවේ සම්බන්ධය, විශේෂයෙන් ම ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය ය.

මෙවර ඡන්දය රෝහින්ග්‍යා අර්බුදය හමුවේ ජාත්‍යන්තරයේ සිය ජනප්‍රියතාව පළුදු කර ගත්තද, අවුන් සාන් සුකී මියන්මාරය තුළ එම ජනප්‍රියතාව රඳවා ගන්නට සමත් වූ බව ද මෙම මැතිවරණ ප්‍රතිඵල වලින් පෙනේ.

අපිව අදාළ නැත්ද? – රොහින්ග්‍යාවරු අසති

Humah Rights Watch

ඡන්දයෙන් රෝහින්ග්‍යාවරුන් ඉවත් කරනු ලැබූ අතර, ඇතැම් අර්බුද සහිත ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීම අත්හිටුවනු ලැබිණ; මෙය මිලියන 1.5ක ජනතාවක් වෙත බලපෑවේ ය.

අර්ධ නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව, ප්‍රධාන විපක්ෂය වන හමුදාවේ සහය ඇති Union Solidarity and Development Party (USDP) පක්ෂය ආසන 24ක් දිනා තිබේ.

එම පක්ෂය මැතිවරණයට විරෝධය ප්‍රකාශ කර, “නිදහස්, සාධාරණ, අපක්ෂපාතී සහ අසාධාරණ ප්‍රචාරණ ව්‍යාපාරවලින් තොර” මැතිවරණයක් පවත්වන්නැයි බල කර සිටියි.

අල් ජසීරා පුවත් සේවයේ වාර්තාවකට අනුව ඇතැම් රොහින්ග්‍යාවරුන්ගේ ඡන්ද අයිතිය මියැන්මාර පාලනය විසින් අහිමි කර දමනු ලැබුවේ 2000 වසරේ සිට ය. 730,000 ක් දෙනා අවතැන් කරමින් වසර 3 කට පෙර හමුදාව විසින් දියත් කළ වාර්ගික ප්‍රහාරයෙන් පසු දැන් උදා වී තිබෙන්නේ ඔවුන්ට සිය ඡන්ද බලය පිළිබඳ සිතීමට පවා නොහැකි වාතාවරණයකි.

2017 වසරේදී මිලියන ගණන් ජනතාව ඉන්දියාවට සහ බංග්ලාදේශයට පළා ගියේ මෙසේ ය. (Oxfam)

බංග්ලාදේශයේ ජීවත් වන රොහින්ග්‍යා සරණාගතයෝ (PSB)

දශක ගණනක හමුදා පාලනයෙන් පසුව දෙවැනි වරට පවත්වන ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියූ මෙම මහමැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා සිය කණස්සල්ල පළ කර තිබිණි.

ඔවුන්ගේ ඡන්ද අයිතිය අහිමි කිරීම පිළිබඳව අදහස් දැක්වීම පවා මියැන්මාර මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

වාර්ගික ස්වදේශික ජන කොටසක් ලෙස රොහින්ග්‍යාවරුන් නොසලකන මියැන්මාරය, ඔවුන්ව හඳුන්වා දෙන්නේ ‘නීතිවිරෝධී බංගලියන්‘ යන යෙදුමෙනි. එයින් අදහස් වන්නේ ඔවුන් බංග්ලාදේශයේ සිට නීතිවිරෝධී ලෙස මියැන්මාරයට පළා ආ බව ය. හමුදා ප්‍රහාරයෙන් පසු අද වන විට ලෝකයේ විශාලතම සරණාගත කඳවුර බංග්ලාදේශයේ බිහි වී තිබෙන අතර, එහි ජීවත් වන්නේ මියැන්මාරයෙන් පළා ගිය රොහින්ග්‍යාවරුන් ය.

‘‘මියැන්මාර පාලනයට උවමනාවක් තිබුණා නම් බංග්ලාදේශයේ සිට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් සකස් කරන්නට තිබුණා..‘‘ එසේ පවසන්නේ ෆ්‍රී රොහින්ග්‍යා සංවිධානයේ සමනිර්මාතෘ නේ සා ල්වින් ය. ‘‘නමුත් මේ සිදුවුණු දේ සිතාගන්නටවත් නොහැකි දෙයක්..‘‘



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි