×

කාෂ්මීරයේ මිනිස් ජීවිත අහිමි කළ හෙණ වැහි!

ඉන්දියාවේ කාෂ්මීරයේ ශුද්ධ භූමියක් වන අමර්නාත් ලෙන අසළ හටගත් ක්ෂණික දැඩි වර්ෂා (cloudburst) තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.


ඉන්දියානු NDTV පුවත් සේවය වාර්තා කරන අන්දමට, ඊයේ (08) දින හටගත් මෙම cloudburst වර්ෂා තත්ත්වය මත ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් දස දෙනාට අමතරව තවත් පුද්ගලයන් 40 දෙනෙකුවත් අතුරුදන් ව ඇත.

මෙසේ ජීවිත අහිමි වී තිබෙන්නේ එම ශුද්ධ භූමිය වන්දනා කිරීමට පැමිණි බැතිමතුන් බව ද සඳහන්.

මෙම ඛේදජනක තත්ත්වය පිළිබඳව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය කම්පාව ප්‍රකාශ කර ඇති අතර, ජීවිත අහිමි වූ පුද්ගලයන්ගේ පවුල් වලට සිය ශෝකය ප්‍රකාශ කර සිටියේය.

මේ වන විට සියලු ගලවා ගැනීමේ මෙහෙයුම් දියත්ව ඇති බවත්, මෙම ආපදා තත්ත්වයෙන් විපතට පත් සියලු දෙනාට අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු යොදා ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ඡායාරූප: ඒඑෆ්පී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි