×

#10YearChallenge සහ ලෝක ගෝලය

නමුත් එය එතරම් සරල අභියෝගයක්ද.


#10YearChallenge අද වන විට සමාජ මාධ්‍ය තුළ වැඩි පුරම කථාබහට ලක්වන්නක් . වසර 10ක කාලය අතර තුර තමන් පෙන්වීමට බෙහෝ දෙනක් උත්සහා කරමින් සිටී, මීට වසර 10කට ඉහතදී ගත් ඡායාරූපයක් හා අද තම ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලයේ පළ කිරීම #10YearChallenge එක ලෙස බෙහෝ දෙනක් සිදු කර තිබුණා.

නමුත් එය එතරම් සරල අභියෝගයක්ද.

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් මිලියන ගණනක් මෙම #10YearChallenge සදහා දායක වී තිබුණා.
ඇතැමුන් වසර 10කට පෙර සිටි ආකාරයත් අද සිටින ආකාරයත් හාත් පසින්ම වෙනස්…

කෙසේ වෙතත් බහුතරයක් මෙම අභියෝගය පෞද්ගලික අභියෝගයක් ලෙස ගනිද්දී තවත් ටික දෙනෙක් එය පොදු අභියෝගයක් ලෙස භාරගෙන තිබුණා. මේ ඊට උදාහරණ කිහිපයක්.

Climate change – දේශ ගුණික විපර්යාස


සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක Mesut Ozil ඔහුගේ #10YearChallenge ඡායාරූප ලෙස පල කර තිබුණේ ඇන්ටාක්ටිකාවේ අයිස් කදු එදා සහ අද තත්ත්වයයි. නාසා ආයතනයට අනුව ඇන්ටාක්ටිකා මහද්වීපය තුළ වාර්ෂිකව දිය වන අයිස් ප්‍රමාණය ගිගා ටොන් 127කි ග්‍රීන් ලන්තයේ එසේ දිය වී මහ මුහුදට ගලා බසින් අයිස් ප්‍රමාණය ගිගාටොන් 286කි.

මෙම තත්ත්වයන්ද සමග ලෝකයේ මුහුදු මට්ටම සීග යෙන් ඉහළ යමින් පවතිනවා මෙන්ම ගෝලීය උෂ්ණත්වය ද ඉහළ යමින් පවතී.

මේ දැක්වෙන්නේ Greenpeace සංවිධානය විසින් 10 අවුරුදු අභියෝගය සදහා පළ කර තිබූ ඡායාරූපයයි.

පාකිස්තානයේ ජර්මානු තානාපතිවරයා මෙම ඡායාරූපය පල කරමින් කියා තිබුණේ. ලෝකයේ දේශ ගුණික විපර්යාසයට වඩාත් නැඹුරු රටවල් එනම් දේශ ගුණික විපර්යාස නිසා වඩාත් බලපෑමට ලක් වන රටවල් අතරේ පාකිස්ථානය ඉතා ඉදිරියෙන් සිටින බවයි. ඒ 8 වන ස්ථානයයි.

Plastic pollution ප්ලාස්ටික් දූෂණය

විද්‍යාඥයින් පෙන්වාදෙන පරිදි සෑම වසරකම ප්ලාස්ටින් ටොන් මිලියන 10ක් මහ මුහුදට මුදා හරී. ඒවා දිරා පක්වීමට ගත වන කාලය වසර සිය ගණනකි.

Global conflictsගෝලීය ගැටුම්

ලිබියාව සිරියාව සහ ඉරාකයද තවත් දකුණු අප්‍රිකානු රාජ්‍ය තුළද බෙහෝ ගැටුම් ඇතිවුණේත් ඒවා වැඩී වර්ධනය වුණේත් අද වන විට පවතින බරපත තත්ත්වයන් දක්වා පැමිණුනේත් පසු ගිය වසර 10ක කාලය තුළයි.

ඉතාමත් ධනාත්මක ආකාරයේ වෙනස් කම්ද පසු ගිය වසර 10 තුළ සිදුවූ බව තවත් අය සිය . #10YearChallenge ලෙස පල කර තිබුණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි