×

බුද්ධි මට්ටමෙන් අයින්ස්ටයින් පැරදවූ පුංචි කෙල්ල – IQ:162

ලෝකයේ එදා මෙදාතුර බිහිවූ සුපිරිතම බුද්ධිමතුන් දෙදෙනෙකු සේ සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින් යන දෙදෙනාගේම බුද්ධි මට්ටම පරදවන්නට සමත් කුඩා දැරියක් ගැන එක්සත් රාජධානියෙන් වාර්තා වේ.


වයස අවුරුදු 11 ක් වන මේ දැරිය පසුගියදා Mensa IQ test නමින් හඳුන්වන ලෝකයේ වඩාත්ම පිළිගත්, පැරණිතම බුද්ධි පරීක්ෂණයට ඔක්ස්ෆර්ඩ් හිදී මුහුණ දුන්නාය. එහිදී ඇය ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 162 කි.

සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු හා සාපේක්ෂතාවාදයේ පියා ලෙස සලකන ඇල්බට් අයින්ස්ටයින් මේ Mensa IQ පරීක්ෂණයේදී ලබාගෙන තිබුණේ ලකුණු 160 කි. ප්‍රකට තාරකා විද්‍යාඥ, මහාචාර්ය ස්ටීවන් හෝකින් ලබාගෙන තිබුණේ ද ලකුණු 160 කි.

මේ දැරියගේ නම ටාරා ෂරිෆි ය. ඇය ඇලිස්බරි උසස් පාසලේ සිසුවියකි. තවද ඉරාන ජාතිකයෙකි.

මෙම ලෝ ප්‍රකට බුද්ධි පරීක්ෂණයේදී නියම කරනු ලබන කෙටි කාලයක් ඇතුළත ප්‍රශ්න ගණනාවකට පිලිතුරු ලබාදීමට සිදු වේ. එහි අරමුණ වන්නේ යමක් ක්ෂණිකව වටහා ගැනීමේ හැකියාව පිරික්සා බැලීමයි.

‘‘ප්‍රතිඵල ආවම මම පුදුමයට පත් වුණා. මම ඒ තරම් හොඳ ලකුණක් බලාපොරොත්තු වුණේ නෑ.“ යැයි පුංචි ෂරිෆි දැරිය එහිදී පවසා සිටියාය.

මෙම ඉහළ ලකුණත් සමග ෂරිෆි මෙන්සා සමාජයේ සාමාජිකත්වය ලැබීමට ද නිතැතින්ම සුදුසුකම් ලබයි. මෙන්සා සමාජයේ සාමාජිකයෙකු වීමට තරම් ඉහළ බුද්ධි මට්ටමක් තිබෙන්නේ සාමාන්‍යෙයන් ලෝක ජනගහනයෙන් 2%ක පිරිසකට පමණක් බව කියැවේ.

ඉරානයේ උපත ලබා, එක්සත් රාජධානිය බබළවන පුංචි ටාරා ෂරිෆිගේ බලාපොරොත්තු වන්නේ ගණිත අංශයෙන් සිය උසස් අධ්‍යාපනය හැදෑරීමට ය.

Mensa IQ පරීක්ෂණය ගැන වැඩිදුර කියවන්න – https://www.mensa.org/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි