×

ලැබුවා වූ නව වසරේ වඳින්න ගිය දේවාලේ… කාෂ්මීරයේ තෙරපුමකින් 12ක් මරුට!

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී මුකේෂ් සිංග් මහතා ට අනුව හටගත් තෙරපුමෙන් තුවාල ලැබූ සියළු පිරිස රෝහල් ගත කරීමට කටයුතු යොදා තිබේ.


ඉන්දියාවේ කාෂ්මීරයේ හින්දු දේවාලයක් අසළ ඇතිවූ තදබල තෙරපුමකින් පුද්ගලයන් 12 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්කළ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ.

ලැබුවා වූ 2022 නව වසර ට ආශිර්වාද පතා අද (01) දින පැමිණි හින්දු බැතිමතුන් පිරිස මෙම දේවාලයට ඇතුළු වීමේදී සිදුව ඇති තදබල තෙරපුම මත පුද්ගලයන් 12 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් පුද්ගලයන් 14 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් කාෂ්මීර පොලීසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී මුකේෂ් සිංග් මහතා ට අනුව හටගත් තෙරපුමෙන් තුවාල ලැබූ සියළු පිරිස රෝහල් ගත කරීමට කටයුතු යොදා තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීම හටගෙන තිබෙන්නේ කාෂ්මීරයේ මාතා වෛෂ්නෝ දේවි දේවාලයේ ය.

මේ පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් දියත් කිරීමට ද කටයුතු යොදා ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි