×

Update: කාබුල් බෝම්බයෙන් කුඩා දරුවන් ඇතුළු 13 දෙනෙකුට වඩා මරුට – ගුවන්තොටුපොළ තුළ මිනී කඳු!

ගුවන් තොටුපොළ තුළ මිනී කඳු ගොඩ ගැසී ඇති බව සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල දැක්වේ.


තහවුරු නොකළ වාර්තාවලට අනුව ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපොළ තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු 13 දෙනෙකුට වඩා මිය ගොස් තිබේ. මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ තලෙයිබාන් සංවිධානය විසිනි.

තුවාළ ලත් සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත තොරතුරක් නැති අතර, තුවාළ ලැබූවන් අතර ඇමරිකානු හමුදා සාමාජිකයන් ද සිටින බව වාර්තා වේ.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ගුවන් තොටුපොළ තුළ සිටි සිවිල් වැසියන්ගෙන් බොහෝ ප්‍රමාණයක් එයින් ඉවත් කරගෙන තිබූ බව මේ අතර ස්කයි පුවත් සේවාව වාර්තා කරයි.

ගුවන් තොටුපොළ තුළ ‘මිනී කඳු‘

නමුත් BBC පුවත් සේවය වාර්තා කරන්නේ ගුවන් තොටුපොළේ සිද්ධිය ඇසින් දුටු අයට අනුව ‘මිනී කඳු‘ (piles on piles of dead bodies) ගොඩ ගැසී ඇති බවයි. මේ පිළිබඳ වීඩියෝ කිහිපයක් ද මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වේ.

CNN වාර්තාවලට අනුව පුපුරා ගොස් තිබෙන්නේ ‘ද්විත්ව බෝම්බය‘කි.

තවමත් වෙඩි ශබ්ද

බෝම්බ පිපිරුම් දෙකෙන් එකක් Abbey gate අසල සිදුව ඇති අතර, අනෙක සිදුව තිබෙන්නේ බ්‍රිතාන්‍ය වැසියන් සහ ඇෆ්ගන් ජාතිකයන් රටෙන් ඉවත් කර ගැනීම සඳහා ලිපි ලේඛන කටයුතු සිදුකෙරමින් තිබූ Baron hotel ආශ්‍රිතව ය. මෙම ස්ථානයේ පිටතින් වෙඩි හඬ ඇසෙන බවත්, ආරක්ෂිත ස්ථාන කරා පිරිස් පිට වෙමින් සිටින බවත් වාර්තා වේ.

උද්ගත ව ඇති තත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් විශේෂ රැස්වීමක් ද අද දින පැවැත්වීමට නියමිතයි.

ප්‍රහාරය සිදු කර තිබෙන්නේ ISIS-K නමැති අයිසිස් සංවිධානයට අනුබද්ධ ත්‍රස්ත කණ්ඩායමක් විසින් බවට ද වාර්තා වේ.

 

පෙර ලිපිය

Breaking News: කාබුල් ගුවන් තොටුපොළ තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි