×

යුරෝපා රටවල් එක්ව දියත් කළ මෙහෙයුමකින් මිනිස් ජාවාරමට සැකපිට 130 දෙනෙකු අත්අඩංගුවට

මිනිස් ජාවාරම් වලට සැකපිට පුද්ගලයන් 130 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යුරෝපා රටවල් සමත්ව තිබේ.


යුරෝපා රටවල් 22 ක ඒකාබද්ධ ක්‍රියාන්විතයක ප්‍රතිඵලයක් ලෙස මෙසේ මිනිස් ජාවාරම්වලට සැකපිට පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි යුරොපෝල් පොලිස් ඒජන්සිය අද (05) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.

මෙම ඒකාබද්ධ ක්‍රියාන්විතය ජූනි 13 වෙනි දින දක්වා සතියක කාලයක් පුරා දියත් කර ඇති බව සඳහන්.

මෙම ක්‍රියාන්විතය සඳහා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් 22,500 කගේ සහභාගීත්වය ලැබුණු බවත්, මිනිස් ජාවාරම්වලට ගොදුරු වූයේ යැයි විශ්වාස කළ හැකි වින්දිතයන් 100 දෙනෙකුට වඩා හඳුනා ගැනීමට මෙමඟින් හැකිවූ බවත් එම ඒජන්සිය සිය නිවේදනය හරහා ප්‍රකාශ කර සිටියි.

මිනිස් ජාවාරම් පිළිබඳ සංවාදය මෑත දින යුරෝපා කලාපයේ වැඩි කතාබහකට ලක් වූ අතර, මෙම මිනිස් ජාවාරම් වැළැක්වීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන මුවාවෙන් එක්සත් රාජධානියට පැමිණෙන සංක්‍රමණික ජනතාව යළි ඔවුන් පැමිණි රටටම පිටමං කර හැරීමේ ඉතා මානව විරෝධී ප්‍රතිපත්තියක් එරට රජය විසින් අනුගමනය කරමින් සිටින බවට එක්සත් ජාතීන් චෝදනා කර තිබේ. මීට ආසන්නතම සිදුවීම වූයේ සංක්‍රමණික පිරිසක් යළි රුවන්ඩාව වෙත පිටමං කිරීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයා ඉදිරිපත් කළ යෝජනාව හමුවේ පැනනැඟුණු ආන්දෝලනාත්මක තත්ත්වයයි.

එංගලන්තෙට එන සරණාගතයන් රුවන්ඩාවට යැවීමෙන් ලෝකයේ මානව සම්පත ගැන දිගහැරෙන තිත්ත ඇත්ත!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි