×

බ්‍රසීලයේ ගුවන් අනතුර

අධික වර්ෂාව අතරතුර බාසිලෝස් වෙත ගොඩ බැසීමේදී ගුවන් යානය කඩා වැටී ඇත.


ගුවන් මගීන් 12 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය දෙදෙනෙකුට ජීවිත ගමනට අවාසනාවන්ත ලෙස සමු දීමට  සිදුවූ පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ .

ඒ බ්‍රසීලයේ ඇමසන් ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 14 දෙනෙකු මිය ගිය ශෝචනීය පුවතයි. මේ වනවිට එම ගුවන් යානා අනතුරට අදාල සිද්ධියට හේතුව සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ අයහපත් කාලගුණයක් පැවති බව සඳහන් වන අතර , Amazonas ප්‍රාන්ත ආරක්ෂක ලේකම් Vinicius Almeida පැවසුවේ, අධික වර්ෂාව අතරතුර බාසිලෝස් වෙත ගොඩ බැසීමේදී ගුවන් යානය කඩා වැටී ඇති බවයි.

රෂිකා හෙන්නායක



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි