×

අධික උෂ්ණත්වය ප්‍රංශයේ 1435 කට ජීවිත අහිමි කරයි

.


දේශගුණික බලපෑම් හේතුවෙන් ලෝකයේ රටවල් බොහොමයක කාලගුණික තත්ත්වයන් සීමා ඉක්මවමින් සාමාන්‍ය ජන ජීවිත අවධානම් තත්ත්වයන්ට ඇද දමමින් සිටී.

මේ වන විට ප්‍රංශයේ වැඩි වෙමින් පවතින උෂ්ණත්වය 1500 ආසන්න පුද්ගලයින් පිරිසකගේ මරණයට හේතු වී තිබේ.

ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ සාමාන්‍ය පුද්ගල මරණ අනුපාතයට වඩා මේ වන විට ප්‍රංශයේ පුද්ගල මරණ අනුපාතය සියයට 9.1 කින් ඉහළ ගොස් ඇති බවයි.

2017 වසරේ සිදු කළ සමීක්ෂණයකට අනුව වායුසමීකරණ පහසුකම සහිත නිවෙස් යුරෝපයේ පවතින්නේ සියයට 5%කටත් අඩු ප්‍රමාණයකි. ඒ අනුව වැඩි පිරිසකට අධික උණුසුම සමග නිවෙස් වල රැදී සිටීම ඉතා අපහසු කරුණක් වී ඇත.

දුෂ්කරතාවට ලක් වන පිරිස අතර වැඩි පිරිසක් වයස්ගත පුද්ගලයින් වෙයි. ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන් පරිදි උෂ්ණත්වය හේතුවෙන් මිය ගිය පිරිස අතරින් 974 දෙනෙකු වයස අවුරුදු 75ට වැඩි වයසේ සිටි පිරිසයි. මේ අතර පුද්ගලයින් 10 දෙනනෙකු මිය ගොස් ඇත්තේ රැකියාව කරමින් සිටින අතර තුරේය. මීට ඉහතදීද 2015 වසරේදී මෙලෙස ප්‍රංශයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇති අතර 2018 වසරේ උෂ්ණත්වය හේතුවෙන් පුද්ගල මරණ අනුපාතිකය 10.1% කින් ඉහළ ගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි