×

COVID-19: ඉතාලියේ මිලියන 16ක් නිරෝධායනයට යොමු කරයි!

චීනයෙන් පිටත වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩිම ක්‍රියාමාර්ග ගෙන ඇති රට වනුයේ ඉතාලියයි.


මෙම මොහොත වන විට ඉතාලියේ උතුරු කලාපයේ මිලියන 16ක පමණ ජනතාව නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

ඒ නව කොරෝනා වෛරස ආසාදන ව්‍යාප්තියට ප්‍රතිචාර වශයෙනි.

ඉතාලියේ මිලාන් හා වැනීසිය යන ප්‍රදෙශ දෙකෙහිම වෛරසය ව්‍යාප්තව පවතින අතර, මධ්‍යම හා උතුරු කලාපයේ පළාත් 15 කට පමණ ඇතුළු වීමට විශේෂ අවසර ලබා ගැනීමට සිදුව තිබේ.

ඉතාලියේ අග්‍රාමාත්‍ය ගිසෙප් කොන්ටෙ මහතා රට පුරා පාසල්, කායවර්ධන මධ්‍යස්ථාන, රාත්‍රී සමාජ ශාලා, කෞතුකාගාර ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථාන බොහොමයක් වසා දැමීමට කටයුතු කර ඇති බවට වාර්තා වේ.

චීනයෙන් පිටත වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩිම ක්‍රියාමාර්ග ගෙන ඇති රට වනුයේ ඉතාලියයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම තත්ත්වය එළඹෙන අප්‍රේල් 03 වන දින දක්වා ක්‍රියාත්මක වනු ඇත.

ඊයේ දිනට පමණක් ඉතාලිය තුළ කෝවිඩ් 19 ආසාදනයට ලක්වූවන් 5883 වාර්තා වී තිබේ. මීට අමතරව වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 230 ඉක්මවා ඇති අතර ගතවූ පැය විසි හතර තුළ පමණක් මරණ 36ක් වාර්තා වී තිබේ.

යුරෝපය තුළ දරුණු අන්දමින් මෙම වෛරසය ව්‍යාප්ත වීම සිදුව ඇත්තේ ඉතාලියේ වන අතර, මේ වන විට අතිමහත් ජන සංඛ්‍යාවක් නිරෝධායනයට ලක්කිරීම තුළ හා සේවා ඇණ හිටීම තුළ එරට ආර්ථිකයට ප්‍රභල මරුපහරක් එල්ල වී ඇති බවට වාර්තා වේ.

කෝවිඩ් 19 මේ වන විට ගෝලීය ආර්ථිකයේ ද පරම සතුරා බවට පත්ව අවසන් ය.

වෛරසයේ බල පැවැත්ම නිසා ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයේ සෞඛ්‍ය පද්ධතිය උග්‍ර අර්බුදයකට මුහුණ පා ඇති බවට වාර්තා වේ.

ඉතාලියේ උතුරු කලාපයේ මිලියන සංඛ්‍යාත ජනතාව නිරෝධායනයට යොමුකිරීමට අමතරව රෝහල් කොරිඩෝ තුළ පවා තබා ගෙන ප්‍රතිකාර කිරීමේ තත්ත්වයට පත්ව තිබේ.

වත්මන් තත්වය අනුව ඉතාලියේ උතුරු කලාපයේ;

  • ලොම්බාර්ඩි
  • මොඩෙනා
  • පාර්මා
  • පියාසෙන්සා
  • රෙජියෝ එමිලියා
  • රිමිනි
  • පෙසාරෝ සහ උර්බිනෝ
  • ඇලෙස්සැන්ඩ්‍රියා
  • අස්ටි
  • නොවාරා
  • වෙර්බානෝ කුසියෝ ඔසෝලා
  • වර්සෙලි
  • පඩුවා
  • ට්‍රෙවිසෝ සහ
  • වැනීසිය

යන පළාත් 15 තුළම ජනතාවට ඇතුළු වීම හෝ පිටවීම සීමා කර පවතී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි