×

දේශගුණික ක්‍රියාකාරීන් ඝාතනය සීග්‍රයෙන් ඉහළ යයි

.


දේශගුණික විපර්යාස වෙනුවෙන් සටන් කිරීම සහ නීති විරෝධී ලෙස පුද්ගලයින් ඔවුන්ගේ නිජ බිමි වලින් පලවා හැරීමේ වෑයම් මත ඇති වන ආරවුල් හේතුවෙන් සෑම සතියකදීම ලෝකයේ කොහේ හෝ පුද්ගලයින් සිවු දෙනෙකු ඝාතනය කරයි.

ඒ මෙවැනි ක්‍රියාකාරිකයන් වෙත කෙරෙන හිරිහැරකිරීම් , ඝාතනයන්, බලහත්කාරයෙන් අතුරු දන් කිරීම් සම්බන්ධව කටයුතු කරන 2019 ගෝලීය සාක්ෂීකරුවන්ගේ වාරථාවට අනුවය. 2019 Global Witness Report

2018 වසරේදී රාජ්‍ය අධිකාරීන්ගේ අතින් හෝ කුලියට ගත් ඝාතකයින් විසින් මරා දැමුණු පරිසර ක්‍රියාකාරීන් ගණන 164 දෙනෙකි. එම සංඛ්‍යාව 2017 වසරේ සිදු කළ ඝාතන සංඛ්‍යාවට වඩා අඩු අගයක් වුවද පාරිසරික ක්‍රියාකාරිකයන් ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය සහ බලහත්කාරය ඉහළ ගොස් ඇති ආකාරය මෙම වාර්ථාව විස්තර කරයි.

කෙසේ වුවත් පරිසරය වෙනුවෙන් සහ දේශ ගුණික විපර්යාස වෙනුවෙන් මෙසේ ජීවිත පූජා කරන සටන් කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රචණ්චත්වය පිළීබඳව ගෝලීය වශයෙන් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් අමතක කර ඇති බවද මෙම වාර්ථාව මගින් පැහැදිලි කරයි.

විශේෂයෙන්ම බටහිර රාජ්‍යයන් විසින් දේශගුණික විපර්යාස අමතක කර ආර්ථික තරගකාරීත්වය පසු පස යමින් සිටීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට එහි ඛේදනීය බලපෑම් වලට වලට මුහුණ දීමට සිදුවී තිබීම හේතුවෙන් බහුතරයක් ඝාතනය වන්නේ එවැනි රටවල් හී  ක්‍රියාකාරිකයින් ය.

ග්ලෝබල් විට්නස් පාරිසරික සංවිධානයට අනුව . පිලිපීනය, කොලොම්බියාව සහ ඉන්දියාව වැඩිම පරිසර ක්‍රියාකාරීන් සංඛ්‍යාවක් ඝාතනය වී බවට වාර්තා වී ඇති අතර පිළිවෙලින් 30, 24 සහ 23 මරණ සිදුවිය.

එමෙන්ම පසුගිය වසරේ සිදුවූ පාරිසරික ක්‍රියාකාරී ඝාතන සංඛ්‍යාවෙන් අඩකට වැඩි පිරිසක් වාර්ථා වන්නේ ලතින් ඇමරිකාවෙනි. නිදසුනක් ලෙස මේ වන විට මරා දැමෙන පාරිසරික ක්‍රියාකාරීන් සංඛ්‍යාව පසු ගුණයකින් වැඩි වී ඇත. 2018 දී ඝාතන 3ක් වාර්ථා වුවත් මේ වන විට එය ඝාතන 16 දක්වා වැඩිවී ඇත.

පාරිසරික ක්‍රියාකාරිකයන් ඝාතනය කිරීම මේ වන විට පතල් කැණීමේ ජාවාරම් ගෝලීය වශයෙන් මාරාන්තික ක්ෂේත්‍රයක් වී ඇති අතර ඛනිජ නිස්සාරණ ව්‍යාපෘති නැවත්වීමට ගත් උත්සයන් හේතුවෙන් 2018 -2019 වසරවල ක්‍රියාකාරීන් 43 දෙනෙකු ඝාතනය කර ඇත.

මේ සම්බන්ධව ඛේදනීයම සිදුවීම වාර්ථා වන්නේ ඉන්දියාවේ තමිල්නාඩු හී තඹ පතලකට එරෙහි විරෝ ධය දැක්වූ පුද්ගලයින් 13 දෙනෙකු සමූල ඝාතනයට ලක් කෙරිණී.

දේශ ගුණික විපර්යාස ක්‍රියාවලිය තුළ ගෝලීය වශයෙන් මිනිසා මුහුණ දෙමින් සිටින තත්ත්වයන් හමුවේ හා ඊට ප්‍රතිපක්ෂව සංවර්ධිත රාජ්‍යයන් ගේ ක්‍රියාකාරීත්වයන් හමුවේ පාරිසරික ක්‍රියාකාරීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සීගයෙන් වැඩි වෙමින් පවතින බව නොරහසකි. නමුත් මෙවැනි ක්‍රියාකාරිකයන් වැඩි පිරිසක් ඝාතනය වූ පසු අධිකාරීන් මෙන්ම රජයන් සහ ඝාතකයන් චෝදනා කරන්නේ ඔවුන්ගේ ඝාතන වලට හේතුව රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදී ක්‍රියා හෝ ප්‍රචණ්ඩත්වය වැපීරීමට කටයුත් කිරීම හේතුවෙන් ඔවුන් මිය ගියා හෝ දඩුවම් ලද බවයි.

The number of environmental activists murdered per country and per sector in 2018.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි