×

පසුගිය වසරේ පමණක් ලොව පුරා පරිසර ක්‍රියාකාරිකයන් 164ක් ඝාතනය කරලා

පිලිපීනයේ පමණක් ඝාතන 30ක්


මිනිසා විසින් වැඩි වැඩියෙන් පරිසරය විනාශ කරත්ම එය සුරකින ලෙස ඉල්ලා සිය හඩ අවධී කරන පිරිසට එල්ල වන තර්ජනයන්ද වැඩි වෙමින් පවතී.

මෙලෙස පරිසරය සුරැකීම සදහා කැපවූ ක්‍රියාකාරිකයන් 164 දෙනෙකු 2018 වසරේ මර දමා ඇති බවට Global Witness සංවිධානය මගින් එළිදැක්වූ වාර්ථාවක් මගින් අනාවරණය කරයි.

මේ අතරින් වැඩිම පරිසරවේදීන් සංඛ්‍යාවක් ඝාතනය කර ඇත්තේ පිලපීනයේය. 2018 වසරෙ තුළ මරා දැමුණ පිලපීන පරිසර ක්‍රියාකාරිකයන් සංඛ්‍යාව 30කි. එමෙන්ම ගෝලීය වශයෙන් සෑඹ සතියකම පරිසර ක්‍රියාකාරිකයන් තිදෙනා බැගින් ඝාතනය වී ඇත.
කෙසේ වෙතත් 2017 වසරේ ඝාතනය වූ පරිසර වේදීන් සඛ්‍යාව 201 වූ අතර පසු ගිය වසර යම් තරමින් එහි අඩුවීමක් සිදුව ඇත.

මෙම වාර්ථාව පවසන්නේ ගණනය කළ හැකි සංඛ්‍යාව එතරම් වුවද ඊට වඩා පිරිසක් පරිසර ක්‍රියාකාරිකයන් ලෙස තර්ජනයන්ට සහ හිංසනයන්ට ලක්වන බවයි.

කෙසේ වුවත් ලෝකය පුරා පවතින පරිසර ගැටළු සහ රාජ්‍ය නායකයන්ගේ ක්‍රියාකාරකම් විසින් අනාගතයේ මෙම තත්ත්වය උත්සන්න කරනු ඇත‍

උදාහරණ වශයෙන් බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ, පිලපීන ජනපති ඩුටර්ටේ, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආදීන්ගේ පරිසර ප්‍රතිපත්ති මෙම තර්ජනයන්ට විශාල හේතුවක් වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි