×

නොවැම්බර් 16 – දවසේ වැදගත්කම

අද, නොවැම්බර් 16 වැනිදා යි. ලෝක සිතියමේ අද වැනි දවසක


‍1840 – නවසීලන්තය නිල වශයෙන් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වෙයි.

නමුත් මෙම යටත් විජිත සමය පැවතුණේ වසර 12 ක කාලයක් පමණි. 1853 වසරේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ‘1852 වර්ෂය දරණ නවසීලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත‘ සම්මත කිරීම මගින් එයට ස්වයං පාලන අයිතිය ලබාදුන්නේය. නවසීලන්තය තුළ වික්ටෝරියානු යුගයේ පසුගාමී උරුමයන් අවම වීමට එක හේතුවක් ලෙස සැලකෙන්නේ ඔවුන් ඉතා කෙටි කලකින් මෙම අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස් වීමයි. නවසීලන්ත ජාතික ධජයේ අදටත් බ්‍රිතාන්‍ය ජාතික ධජය සම්පූර්ණයෙන්ම කුඩා කොටුවක් ලෙස වම් පස ඉහළ කෙළවරේ ගැබ් කර තිබෙන ආකාරය ඔබ නිරීක්ෂණය කර තිබේද…?

     

New Zealand and the UK. Crossed New Zealand’s and British flags.

 

1988 – බෙනාසීර් භුතො පකිස්තානයේ අගමැතිනිය ලෙස තෝරා පත් වෙයි.

මෑත ඉතිහාසයේ මුස්ලිම් රාජ්‍යයක නායකත්වයට පත් වු පළමු කාන්තාව ලෙස බෙනාසීර් භූතෝ ඉතිහාසගත වෙයි. ඇය 1988 සිට 1990 දක්වාත්, 1993 සිට 1996 දක්වාත් පාකිස්ථානයේ අගමැති ධූරය හෙබවූවා ය. 1988 වසරේදී පාකිස්ථානයේ අගමැතිනිය බවට පත් වන විට භූතෝගේ වයස අවුරුදු 35 ක් පමණි. ඒ අනුව ඇය ඉස්ලාමීය ලෝකයේ ළාබලාතම නායකයා/නායිකාව බවටත්, ලෝකයේ ළාබාලතම අගමැතිනිය බවටත් පත්වූවාය. නමුත් අවසානයේ 2007 දෙසැම්බර් 27 වැනිදා පාකිස්ථානයේ රාවල්පිණ්ඩි නගරයේදී මහමැතිවරණය සඳහා ප්‍රචාරණ කටයුතුවල නියැළෙන විට ඇය බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත් වූවාය.

1945 – යුනෙස්කෝව බිහිවෙයි

1945 – යුනෙස්කෝව පිහිටුවනු ලබයි. මේ එක්සත් ජාතින් ගේ සංවිධානයේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයයි. යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපනය, විද්‍යාව, යුක්තිය, මානව හිමිකම් සහ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම මගින් ලෝක ආරක්ෂාව සහ සාමය සඳහා දායක වීමයි. අද වන විට රටවල් 195 ක් යුනෙස්කෝ සාමාජිකත්වය ලබාගෙන ඇති අතර, ලෝක උරුම සුරැකීම ඇතුළු කැපී පෙනෙන කාර්යභාරයක් එමගින් ඉටු කරනු ලබයි.

1948 – මැජික් පලස මෙහෙයුම

1948 – ‘මැජික් පලස මෙහෙයුම‘ ඇරැඹෙයි.

1948ත් 1950ත් අතර යුදෙව් ජාතිකයන් 49,000ක් යේමනයෙන්, ජිබුටි රාජ්‍යයෙන්, එරිත්‍රියාවෙන් සහ සවුදි අරාබියෙන් ඔවුන් ගේ මවු රටවල සිට අලුතින් පිහිටවූ ඊශ්‍රායලයට යවනු ලැබිණ.

1962 – කුවේටය එහි ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිගත කරයි. කුවේට් දේශපාලනයේ මූලික ලියවිල්ල ලෙස සලකන්නේ මෙයයි. මෙයට අනුව කුවේටය ප්‍රජාතන්ත්‍රවාදී රටකි.

1965 – සෝවියට් දේශය අඟහරු අල්ලයි

1965 – වෙනෙරා වැඩසටහන – සෝවියට් දේශය වෙනෙරා 3 අභ්‍යාවකාශ යානය අඟහරු වෙත යවන්නේ වෙනත් ග්‍රහලෝකයක් මතට ගොඩ බසින ලද ප්‍රථම යානය එය බවට පත් කරමිනි.

1989 -ඇපාතෙයිඩ් නීතියට තිත

1989 – එවකට දකුණු අප්‍රිකාවේ සුදු ජාතික ජනපතිවරයා වූ එෆ්. ඩබ්. ද ක්ලාක් විශේෂ පහසුකම් පනත (Separate Amenities Act) ඉවත් කර ගන්නා බවට ප්‍රකාශයට පත් කරයි. එය සිදුකළේ එම පනත ආපස්සට හරවන තවත් නීතියක් (The Reservation of Separate Amenities Act) ගෙන ඒම මගිනි.

‘සුදු ජාතිකයන්ට පමණයි‘ වෙරළ තීරයක්

1953 දී බලාත්මක කළ මෙම පනත, වර්ගභේදවාදය නීත්‍යානුකූල කළ පනත ලෙස සැලකේ. දකුණු අප්‍රිකාවේ ජනවර්ගවලට වෙනස් කොට සැලැකීම එමගින් නීත්‍යානුකූලව පිළිගත්තේ ය. ඒ අනුව මෙම විශේෂ පහසුකම් පනත හරහා පොදු ස්ථාන, වාහන සහ සේවාවන් සම්බන්ධයෙන් ජනවර්ග වෙනස් කොට සැලැකීම නීතිගත කරනු ලැබිණ. උදාහරණයක් වශයෙන් සුදු ජාතිකයන්ට වෙන් වූ වෙරළ තීර පවා එකල නීතියෙන් දක්වා තිබිණි. ඒ අනුව මෙම පනත අහෝසි කිරීම, වර්ණභේදවාදයට උර දෙන ‘ඇපාතෙයිඩ් නීතිය‘ අහෝසි කිරීමේ ඉතා වැදගත් පියවරක් විය.

2000 – බිල් ක්ලින්ටන් වියට්නාමයට

2000 – වියට්නාම යුද්ධයෙන් පසු එම රටට ගිය ප්‍රථම එක්සත් ජනපද ජනාධිපති බවට බිල් ක්ලින්ටන් පත් විය.

වියට්නාමයේදී බිල් ක්ලින්ටන්ව සාදරයෙන් පිළිගැනුණද, එවකට සිටි ඇමරිකානු ජනපති රිචඩ් නික්සන් විසින් වියට්නාම් යුද්ධය සඳහා ඇමරිකානු සොල්දාදුවන් යැවීම, ඇමරිකානු දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වූ අතර, යුධ විරෝධය වෙනුවෙන් ඇමරිකානුවෝ ලක්ෂ ගණනක් එක්වූහ. අවසානයේ 1973 වසරේදී වියට්නාමයෙන් ඇමරිකානු හමුදාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රිචඩ් නික්සන්ම නියෝග කළේය.

දෙවැනි ඉන්දු චීන යුද්ධය ලෙස හැඳින්වෙන වියට්නාම් යුද්ධය, 1955 වසරේ නොවැම්බර් 1 වැනිදා ආරම්භ වූයේ උතුරුදිග වියට්නාමයේ පැවති කොමියුනිස්ට් ආණ්ඩුව විසින් දකුණු වියට්නාමය අල්ලා ගැනීමට දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ය. ඇමරිකාව සහ සෝවියට් සංගමය අතර පැවති ශීතල යුද්ධයේම කොටසක් ලෙස, උතුරු වියට්නාමයේ හෝචිමිංගේ කොමියුනිස්ට් ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව ද හමුදා සහාය ලබාදුන්නේය. මිලියන 3 ක් පමණ මෙයින් මිය ගිය අතර, එයින් 58,000 ක් ඇමරිකානුවන් විය. මිය ගිය අඩකට වඩා වියට්නාම් වැසියන් ය. 1975 වසරේදී හෝචිමිංගේ හමුදාව දකුණු වියට්නාමය අල්ලා ගැනීමත් සමග යුද්ධය නිමා විය. 1976 වසරේදී ‘වියට්නාම් සමාජවාදී සමූහාණ්ඩුව‘ ලෙස රට නැවත නම් කෙරිණි.

2002 – පළමු සාර්ස් රෝගියා චීනයෙන්

2002 – ප්‍රථම සාර්ස් ආසාදිතයා චීනයේ ෆොෂාන් නගරයෙන් සොයා ගනු ලබයි. එය එසේ වුවත් මෙය සාර්ස් වෛරසය වශයෙන් හදුනා ගන්නේ කල් ගත වී ය. මෙය චීනයේ ප්‍රථම වරට හදුනාගනු ලැබීමෙන් අනතුරුව රටවල් 29කට පැතිර ගියේ ය. මෙවර කෝවිඩ්-19 ගෝලීය වසංගතය පැතිර යන මුල් අවධියේ දී ද කොරෝනා වෛරසය සාර්ස් යැයි ඇතැම් අය විසින් වරදවා වටහාගෙන තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි