×

මෙහෙමත් පිඹුරෙක්.

මෙම වනාන්තරය තුළ 100000ට අධික පිඹුරන් සංඛ්‍යාවක් සිටින බවට මේ වන විට ගණන් බලා ඇත.



ලොව විශාලත්වයෙන් වැඩිම සර්පයා ලෙස සැලකෙන්නේ බුරුම පිඹුරාය. නමුත් දිග මෙන්ම ප්‍රමාණයෙන්ද විශාල පිඹුරෙකු ෆලෝරීඩාවෙන් හමු වී ඇති බව වාර්ථා විය.

විද්‍යාඥයින් පවසන පරිදි රාත්තල් 140ක් බර අඩි 17ක් දිග මෙම පිඹුරා ගැහුණු සතෙකු වන අතර හමුවන විට සිරුර තුළ බිත්තර 73ක් තැන්පත් වී තිබී ඇත. ෆ්ලෝරීඩාවේ එවරග්ලෑඩ්ස් ජාතික උද්‍යානයක් තුළ පර්යේෂණ කටයුතු සදහා සහභාගී වූ පර්යේෂකයන් හට මෙම පිඹුරා හමු වී ඇත.
මීට පෙරද මෙම රක්ෂිතය තුළ පිඹුරන් හමුවී ඇති අතර මින් පෙර හමු වී තිබූ විශාලතම සර්පයා අඩි 18ක් පමණක් දිගින් යුතු පිඹුරෙකි නමුත් ඔහුගේ බර රාත්තල් 100කි.

එවර්ග්ලෑඩ්ස් වනය පිඹුලන් විශාල ප්‍රමාණයක් සිටින වනාන්තරයක් ලෙස සුප්‍රසිද්ධය . පර්යේෂකයන් පවසන පරිදි අක්කර 929000ක් වන මෙම වනාන්තරය තුළ 100000ට අධික පිඹුරන් සංඛ්‍යාවක් සිටින බවට මේ වන විට ගණන් බලා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි