×

නැගෙනහිර චීනයේ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් 22 දෙනෙකුට තුවාල

කෙසේ නමුත් චීනයේ දැඩි ආරක්ෂිත නියාමනයක් නොමැතිකම හේතුවෙන් මාර්ග අනතුරු බහුලව දක්නට ලැබේ.


නැගෙනහිර චීනයේ Jiangxi පළාතේ Nanchang ප්‍රාන්තයේ සිදු රිය අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 22දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.


රජයට අනුබද්ධ ජිමු ප්‍රාදේශීය පුවත් සේවය මේ පිළිබඳ වාර්තා කර තිබුණේ, අවමංගල්‍ය පෙරහැරක ට්‍රක් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. ඒ අනුව මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනෙක් අවමංගල්‍යයට සහභාගී වූවන් බව වාර්තාවේ.

අනතුර පිළිබඳ ප්‍රවෘත්ති පළවීමෙන් අනතුරුව නන්චැං ප්‍රාන්ත රථවාහන පොලිසිය විසින් රියැදුරන් වෙනුවෙන් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබිණ. එනම් මීදුම් සහිත කාලගුණ තත්වය හේතුවෙන් සෙමෙන් හා ප්‍රවේසමෙන් රිය පදවන ලෙසත්, ඉදිරියෙන් ඇති මෝටර් රථයෙන් අතර ආරක්ෂිත දුරක් තබා ගන්නා ලෙසත්, මංතීරු මාරු නොකර ධාවනය කරන ලෙසත් එහි සඳහන් විය.


කෙසේ නමුත් චීනයේ දැඩි ආරක්ෂිත නියාමනයක් නොමැතිකම හේතුවෙන් මාර්ග අනතුරු බහුලව දක්නට ලැබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි