×

වුහාන් චීන වෛරසය දැනට ලෝකයේ රටවල් 18ක ! Update

මේ වන විට වුහාන් චීන වෛරසය ලෝකයේ රටවල් 18කට පැතිර ඇති බව සනාථ වේ.


ඇමරිකාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය සහ ඔස්ට්‍රේලියාව වෙතින් ද රෝගීන් වාර්තා වන අතර, Wuhan coronavirus වෛරසයේ වැඩිම පැතිරීම දැකගත හැක්කේ ආසියාවෙනි.

ආසියාව තුළ සීඝ්‍රයෙන් මෙම රෝගය පැතිරෙමින් තිබෙන අතර, සනාථ කළ රෝගීන් හමුවූ රටවල් අතර, චීනයට අමතරව,

  • ශ්‍රී ලංකාව
  • නේපාලය
  • වියට්නාමය
  • තායිලන්තය
  • කාම්බෝජය
  • සිංගප්පූරුව
  • ජපානය
  • දකුණු කොරියාව
  • තායිවානය
  • හොංකොං
  • මැකාවු
  • මැලේසියාව

යන රටවල් දැනට අයත් වේ.

ඇමරිකාවෙන් රෝගීන් 5 දෙනෙකු හමු වී ඇති අතර, චීනයට පිටතින් කොරෝනා වෛරස් ආසාදිතයන් අවම වශයෙන් 70 දෙනෙක් පිළිබඳ වාර්තා වේ.

දිනක් ඇතුළත චීනයේ වුහාන් වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ 30%ක වැඩි වීමක්!

දිනක් ඇතුළත චීනයෙන් වාර්තා වන වුහාන් වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ 30% ක වැඩිවීමක් වාර්තා වේ.

කෙසේ නමුත් පහත දැක්වෙන්නේ මේ ගැන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් කෙටියෙනි.

මරණ ගණන දැනට 132 යි

චීනය තුළ මේ වන විට මරණ 132 ක් නිල වශයෙන් වාර්තා වේ. 6000 ක් දෙනා ආසාදිත බවට පත්ව ඇතැයි සැලකේ.

මාරාන්තික වීමේ ප්‍රතිශතය 2.3%

මෙම වුහාන් කොරෝනා වෛරස් රෝගයේ ආසාදිතයන්ට රෝග ලක්ෂණ පහළ වන්නේ ආසාදනයෙන් දින කිහිපයකට පසුව ය.

ආසාදනයන්ගෙන් බහුතරය මාරාන්තික නොවේ.

එය මාරාන්තික වීමේ ප්‍රතිශතය 2.3%කි.

නිශ්චිත ප්‍රතිකාරයක් තවම නැහැ – රෝග ලක්ෂණවලට ප්‍රතිකාර

වුහාන් කොරෝනා වෛරසය සඳහා තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නැත.

මේ අනුව වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කරනු ලබන්නේ ඒ නිසා ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණවලට ය.

මෙම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා රෝගීන් හුදෙකලා කර තැබිය යුතු ය.

චීනයේ තවත් නගර 10කට ගමන් තහනමක් – මිලියන 60 ක් සිරවෙලා

වුහාන් ඇතුළු නගර 10කට පමණ යාම් ඊම් තහනම් කිරීමට චීන බලධාරීන් මේ වන විට පියවර ගෙන තිබේ. මේ වන විට වාර්තා වන්නේ මිලියන 60ක පමණ ජනතාවක් චීනයේ නගරවල මේ නිසා සිර වී සිටින බවයි.

ඇමරිකාව සහ ජපානය දැනටමත් චීනයේ සිටින ඇමරිකානු පුරවැසියන් සිය රට ගෙන්වා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

කළ හැකි දේ

නිතර සබන් යොදා අත් සේදීම සහ, කිවිසුම් යාමේදී මුහුණ ආවරණය කර ගැනීමට අත් වෙනුවට වැළමිට යොදාගන්නා ලෙසට වෛද්‍යවරුන් විසින් අවවාද කර තිබේ.

ලොව පුරා මුහුණු ආවරණ හිඟයක්

චීනය පමණක් නොව ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ ද, ශ්‍රී ලංකාවේ ද වුහාන් කොරෝනා වෛරසයේ බලපෑමක් ලෙසට මුහුණු ආවරණ ( face masks) හිඟ වී ඇති බව වාර්තා වේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි