×

ගාසාවේ පාසල් දරුවන්ට ප්‍රහාරයක්! 20 දෙනෙකු මිය යයි.

මධ්‍යම ගාසා තීරයේ අවතැන් වූවන් සිය ගණනක් එම පාසලේ රැඳීසිට තිබෙන අතර, ඊශ්‍රායල හමුදාව පවසන්නේ තමන් හමාස් ඉලක්කයක් වෙත ප්‍රහාර එල්ල කල බවයි.


සටහන – රෂිකා හෙන්නායක ජුනි 06 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 20 දෙනෙකු මිය ගොස් තිබෙන අතර, මිය ගිය අය අතර කුඩා දරුවන් විශාල පිරිසක් සිටින බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන යන පාසලකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මධ්‍යම ගාසා තීරයේ අවතැන් වූවන් සිය ගණනක් එම පාසලේ රැඳීසිට තිබෙන අතර, ඊශ්‍රායල හමුදාව පවසන්නේ තමන් හමාස් ඉලක්කයක් වෙත ප්‍රහාර එල්ල කල බවයි.

නමුත්, හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායල යුද ගුවන් යානයක් නුසෙයිරාට් සරණාගත කඳවුරේ පිහිටි මෙම පාසලේ ඉහළ මහලේ පන්ති කාමර වෙත මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බවයි. මෙම ප්‍රහාර එල්ල වූයේ ඇමරිකාව, ඊජිප්තුව හා කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් සටන් විරාමයක් පිළිබඳ සාකච්චා දෝහා සහ කයිරෝහි දී පැවැත්වෙන අතරතුරයි.

ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තිරයට එල්ල වන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 36,580 ක් මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,200 ක් මියගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි