BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඊශ්‍රායල මාධ්‍යවේදියකු වෙඩි තබා මරුට – යුක්තිය ඉල්ලා ජනතාව වීදි බසී!

රට පුරා වසංගතයක් මෙන් ව්‍යාප්තව ඇති මිනීමැරුම් රැල්ල මැඬලීමට පොලීසිය වහා කටයුතු කළ යුතුයි: ඊශ්‍රායල මාධ්‍ය ප්‍රජාව

ඊශ්‍රායලයේ බ්ල්ද්ත්නා (Bldtna) පුවත් අඩවියේ ප්‍රධාන කතෘ මාධ්‍යවේදී නිදාල් අග්බරියා වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඉකුත් ඉරු දින මෙම ඝාතනය සිදුකර ඇති අතර, උම් එල්-ෆහ්ම් හිදී සිය මෝටර් රථයේ සිටියදී පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

අරාබි ජාතික නිදාල්ගේ ඝාතනය හමුවේ ඊශ්‍රායල පොලීසිය කටයුතු කර ඇති අන්දම පිළිබඳව බරපතල විවේචන එල්ල වී ඇති අතර, මේ වන විට 200 පමණ වූ පිරිසක් උම් එල්-ෆහ්ම් පොලිස් ස්ථානය අසල රැස්වී ඔහුගේ ඝාතනයට යුක්තිය ඉල්ලා විරෝධතාවයේ නිරත වන බව ද ජෙරුසලම් පෝස්ට් පුවත් අඩවිය වාර්තා කරයි.

ඡායාරූප: FLASH90

නිදාල් අග්බරියා ගේ ඝාතනය සිදුව ඇති ස්ථානයේ සිට ඔහුට අයත් බ්ල්ද්ත්නා පුවත් අඩවියේ මාධ්‍යවේදියකු වන හසාන් ෂලාන් පොලීසියට බැණවදිමින් ඔවුන් සිය රාජකාරිය නිසි අන්දමින් සිදු නොකළ නිසා මෙම ඝාතනය සිදුව ඇති බවට කෑ ගසන දසුන් ඇතුළත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙමින් පවතී.

උඹලාට වැඩ කිරීමට අවශ්‍යතාවයක් නැහැ.. ඒ නිසා උඹලා උඹලා ගැනම ලැජ්ජා විය යුතුයි.. උඹලා අපරාධය වූ ස්ථානයට විත් පින්තූර ගනිමින් ඉන්නවා, නමුත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ!

ආවේගශීලී හසාන් ෂලාන් පොලීසියට බැණ වදිමින් පවසා සිටියේ එවැන්නකි.

නිදාල්ගේ පවුලේ සාමාජිකයන්ට ශෝකය පළ කරන, සිදුවීමෙන් කැළඹීමට පත් ඊශ්‍රායල මාධ්‍ය ප්‍රජාව පොලීසියට චෝදනා කරන්නේ නිදාල් ගේ ඝාතනය වළක්වා ගැනීමට පොලීසිය අසමත් වූවා පමණක් නොව ඔහුගේ ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පවා පොලීසියට උනන්දුවක් නොමැති බවයි.

ඡායාරූප: FLASH90

එමෙන්ම, මෙම මිනීමැරුමට අදාළ විමර්ශනයන් සිදුකොට වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනවිත් නිදාල්ට යුක්තිය ඉටු කිරීමට පොලීසිය වහා කටයුතු කළ යුතු බව ඊශ්‍රායල මාධ්‍යවේදීන්ගේ වෘත්තිය සමිතිය ප්‍රකාශ කර සිටියේය.

තවද, ඊශ්‍රායලය පුරා වසංගතයක් මෙන් ව්‍යාප්තව ඇති මිනීමැරුම් රැල්ල මැඬලීමට පොලීසිය වහා කටයුතු කළ යුතු බව ද ඔවුහු අවධාරණය කළහ.


ඉන්දියාවේ මඟින් පටවාගත් ලොරියක් පෙරලීමෙන් 26 දෙනෙකු මරුට

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ලබන සතියේ රුසියාව සහ යුක්රේනය බලා සංචාරයක!

ලයිමන් නගරයත් අපි මුදවා ගත්තා: යුක්රේනය

130 කට ආසන්න පිරිසකට මරු කැඳවූ ඉන්දුනීසියාවේ පාපන්දු වියරුව!

කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීමක්

සෝමාලියාවේ හමුදා කඳවුරක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්!

මගෙ සල්ලි කෝ? ටේබල් ටෙනිස් සූරිය අසන්නීය

රුසියානුවෙක් වෙන්න අපේ හමුදාවට එන්න – විදේශිකයන්ට පුටින්ගෙන් ඇරයුම්

error: Content is protected !!
error: Content is protected !!