×

2018 ලොව වැඩිම You Tube උපයන්නා, සත් හැවිරිදි පැංචෙක්…

පසුගියදා ෆෝර්බ්ස් සඟරාව මඟින් සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ දෙවන ස්ථානයේ පසුවන ජේක් පෝල්ව ඇමරිකානු ඩොලර් 5000000කින් රයාන්  විසින් පරාජය කර ඇත්තේ පසුගිය වසරක කාලය තුළදී බවයි.


යූ ටියුබ් , මාධ්‍ය උපාංගයක් මෙන්ම ලෝකයේ බහුතරයක් දෙනාගේ හොඳම ආදායම් මාර්ගය බවටත් අද පත් වී හමාරයි. ලොකු කුඩා වයස් භේදයකින් තොරව අන්තර් ජාලයේ මුදල් උපයන්නන්ගේ කැපී පෙනනම චරිතයක් බවට පත් වූ අවුරුදු හතක පැංචෙක් ගැන  නොබෝදා ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්ථා කරනු ලැබුවා. ඔහුගේ නම රයාන්. ”රයාන් ටෝයි විව්ස් ‘‘  ටියුබ් වැඩ සටහන පිළිබඳව නොදන්නා අයෙක් ඇත්නම් ඒ අතලොස්සක් පමණය. යූ ටියුබ් වීඩියෝ ඔස්සේ මුදල් උපයන ප්‍රමුඛ පෙළේ වැඩසටහනේ ප්‍රධාන චරිතය වගේම එහි මූලිකයා සත් හැවිරිදි රයාන්  ෆෝර්බ්ස් යූ ටියුබ් දර්ෂකයේ වැඩිම යු ටියුබ් ආදායම් ලාභියා බවට පත්වී තිබීම සැබවින්ම පුදුමයක් . මන්ද ඔහුගේ වයස මෙන්ම ඔහුගේ දක්ෂතාවද සැබිවින්ම පුදුම සහගත  බැවිනුයි.

පසුගියදා ෆෝර්බ්ස් සඟරාව මඟින් සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ දෙවන ස්ථානයේ පසුවන ජේක් පෝල්ව ඇමරිකානු ඩොලර් 5000000කින් රයාන්  විසින් පරාජය කර ඇත්තේ පසුගිය වසරක කාලය තුළදී බවයි.

යූ ටියුබ් ඔස්සේ බොහෝමයක් දිනවලදී වීඩියෝ පළ කරන රයාන් ටෝයි රිවිවුස් මගින් පළ කළ අවසාන විඩියෝව මිලියනයකට වැඩි දෙනෙක් විසින් නරඹා ඇත. සිය වීඩියෝ තුළින් රයාන් සිදු කරන්නේ දිනෙන් දින වෙළඳපළට පැමිණෙන දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ  ගැන ඔහුගේ දහස් ඉදිරිපත් කිරීම හා  ඒ පිළබඳව සිය සතුට බෙදා හදා ගැනීමයි.

යූටියුබ් ඔස්සේ ආදායම් ලබන්නන් අතරේ තෙවන ස්ථානය හිමි වන්නේ Dude perfect channel වෙතයි. ඔවුන්ගේ ආදායම මිලියන 20කි.

ඇයි ඔබට මේ තරම් පොඩි දරුවන් කැමති … ABC  මාධ්‍ය විසින් ඇසූ ප්‍රශ්නයකට වයස අවුරුදු අටකටත් අඩු  රයාන්ගේ පිළිතුර වූයේ  මම ඔවුන්ට විනෝදය සපයනවා ඒ වගේම මම විනොද ජනකයි. යනුවෙනි.

රයාන් සිය යූ ටියුබ් චැනලය  ආරම්භ කර ඇත්තේ 2015 වසරේදීය. එ ඔහුගේ දෙමවුපියන්ගේ සහයෝගයද ඇතිවය. ඒ වන විට මුලාරම්භයේදීම  ඔහුට ප්‍රේක්ෂකයන් බිලියන 26ක් සිටි අතර ඔහුව හඹා යන්නන් ගණන 17.3කි .

ෆෝර්බ්ස් සඟරාවට අනුව රයාන් උයන මිලියන  22න් මිලියනයක් උපයන්නේ ඔහුගේ වීඩියෝව ආරම්භයේදී පෙන්වන අවනුග්‍රාහක  දැන්වීම් මඟිනි. ඒ අනුව අනෙකුත් යූ ටියුබ් ආදයම් ලාභීන් මෙන් නොව රයාන්ට යූ ටියුබ් අනුග්‍රාහක දැන්වීම් මගින් ලැබෙන ආදායම අඩුය.

පසුගියදා වොල් මාර්ටි ආයතනය විසින් රයාන්සි වර්ලිඩ්නමින් වෙනම කුඩා දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ සඳහා සිය ප්‍රදර්ශනාගාර තුළ අංශයක් ආරම්භ කළ අතර එහා සිය දෙමවු පියන් සමග සිය ක්‍රිඩා භාණ්ඩ තොරන රයාන්  ගේ යූ ටියුබ් වීඩයෝව නැරඹූ ප්‍රේක්ෂකයන්  සංඛ්‍යාව මාස  තුනක් ඇතුළත  මිලියන 14කි. ඒ අනුව රයාන්ගේ අදායමට ඉදිරියේදී වොල්මාර්ට් ආයතනයේ ගෙවීම් හේතුවෙන්ද ඉහළ යනු ඇත.

ඔහුට ලැබෙන සමස්ථ ආදායම කෙතරම් ඉහළ ගියද තවමත් ඔහු අවුරුදු 8ක කුඩා දරුවෙක් වීම හේතුවෙනන් ඔහුගේ ආදායමෙන් 15% තවමත්  ඔහුගේ ප්‍රයෝජනයට යොදා ගත නොහැකි වන්නේය. එය ඔහු වැඩි වියට පැමිණි පසු ඔහුගේ ප්‍රයෝජනය සඳහා බැංකු ගිණුමක තැන්පත් වන්නේය. රයාන් පමණක් නොව රයාන්ගේ නිවුන් සොහොයුරියද ඔහුගේ පවුගේ අනෙක් සාමාජිකයන්ද ඔහුගේ මේ යූ ටියුබ් මෙහෙයුමේ අනෙක් සාමාජිකයන්ය. ඔවුන්ද ඔහුගේ වීඩියෝ වල චරිත වෙයි.

ඩැනී මිඩ්ල්ටන් 2017 වසරේ  වැඩිම යූ ටියුබ් ආදායම් කරු ඩොලර් මිලියන 16.5ක ආදායමත් සමග මෙවර යූ ටියුබ් වැඩිම ආදායම් ලබන්නන් ගේ ලැයිස්තුවේ සිවුවන ස්ථානයට පත්ව ඇත. මින් පෙර සය වන ස්ථානයේ සිටි ජේක් පෝල් මෙවර දෙවන ස්ථානයට ඉහළ ගොස් ඇත.  . ඔහුගේ සොහෝයුරු ලෝගන් පෝල් මෙතෙක් යූ ටියුබ් ආකදායම් උපයන්නන් අතර මූලිකයන්ගෙන් අයෙක්ව සිටියද ඔහු ට මෙවර හිමිව ඇත්තේ දහ වන ස්ථානයයි. සිය සිවි නසා ගැනීම් සහිත වීඩියෝවක් මුදා හැරීම හේතුවෙන් ඔහුට සිය ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලීමත් සමග ෆෝර්බ්ස් දර්ෂකයේ ඔහු මෙසේ පහත ස්ථානයකට පල්ලම් බැස ඇත.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි