×

2018 ලෝක රූ රැජින මෙක්සිකෝවෙන්

මෙක්සිකෝවේ නිරූපිකාවක සහ සමාජ සේවිකාවක් වන 26 හැවිරිදි වෙනේසා පොන්සේ ඩි ලියෝනා (Vanessa Ponce de Leona) 68වන ලෝක රූ රැජන කිරුළ හිමි කර ගත්තාය.


මෙවර ලෝක රූ රැජින තේරීමේ තරගය පැවැත්වුණේ චීනයේ හයිනාන් දුපතේ සාන්යා හිදී ය. 2017 වසරේ ලෝක රූ රැජින කිරුළේ හිමිකාරිය වූ ඉන්දියානු ජාතික මනුෂි කිලර් විසින් වෙනේසාට හිමි රෑ රැජින කිරැළ පැළඳුවාය. ඇය අන්තර්ජාතික ව්‍යාපාර පිළිබඳ උපාධිධාරීනියකි.

 

මෙවර දෙවන ස්ථානය දිනා ගනු ලැබුවේ නිකොලානේ පිචාපා විසිනි. 20 හැවිරිදි ඇය ද ව්‍යාපාර පරිපාලනය පිළිබද උපාධිධාරිනියකි. ⁣68වන ලෝක රූ රැජින කිරුළේ පළමු පස්දෙනො අතරට තේරී පත්වූ ⁣අනෙක් තිදෙනා බෙලරුස්, ජැමෙයිකා සහ උගන්ඩාව යන රටවලින් පැමිණි රූමතියන් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි