BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

2020 නොබෙල් සාම ත්‍යාගය ලෝක ආහාර වැඩසටහනට

2020 නොබෙල් සාම ත්‍යාගය හිමිවන්නේ කාටදැයි අද නිවේදනය වූ අතර, එය ලෝක ආහාර වැඩසටහන (World Food Programme - WFP) වෙත පිරිනමා තිබේ.

ලෝක ආහාර වැඩසටහන විසින් ‘‘යුද්ධයේ අවියක් වශයෙන් සාගින්නට එරෙහිව සටන් කිරීම‘ – fight against ‘hunger as a weapon of war’ සඳහා මෙම සම්මානය පුද දුන් බව නොබෙල් කමිටුව පවසයි.

විශේයෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක ප්‍රජාව සාගින්නට මුහුණ දී ඇති අවස්ථාවේදී ලෝක ආහාර වැඩසටහනේ මුල පිරීම් ඉතාම වැදගත් බව ද එහිදී අවධාරණය කෙරිණි. ‘‘වසංගතයට වැක්සීනයක් සොයාගන්නා තෙක් එයට තිබෙන හොඳම වැක්සිනය වනු ඇත්තේ සාගින්න දුරලන ආහාරයි‘‘ යනුවෙන් ලෝක ආහාර වැඩසටහන, කොවිඩ් හමුවේ තමන්ගේ කාර්යභාරයේ වැදගත්කම අවධාරණය කරමින් පවසයි.

දකුණු දිග සූඩානය වැනි කලාපයන් වල ජීවත් වන ජනතාව තවමත් ජීවිතය ගැටගසා ගන්නේ ලෝක ආහාර වැඩසටහන මගින් නොමිලේ බෙදා දෙන ආහාර මගිනි. මෙවැනි උදාහරණ සිය ගණනක් තිබේ.

විශේෂයෙන්ම අරගලවලට මැදි වී සිටින රටවලට ලෝක ආහාර වැඩසටහන දැවැන්ත මෙහෙයක් ඉටු කරයි. යේමනය, කොංගෝ සමූහාණ්ඩුව, දකුණු දිග සුඩානය සහ බුර්කිනෝ ෆාසෝ ඒ අතරින් ප්‍රදාන ය. දකුණු ඇමරිකාවේ, අප්‍රිකාවේ සහ ආසියාවේ මානුෂීය සාම මෙහෙයුම් සඳහා ද එය මැදිහත් වේ.

Villagers collect food aid dropped from a plane in gunny bags from a plane onto a drop zone at a village in Ayod county, South Sudan, where World Food Programme (WFP) have just carried out an food drop of grain and supplementary aid on February 6, 2020. (Photo by TONY KARUMBA / AFP) (Photo by TONY KARUMBA/AFP via Getty Images)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනයක් වන ලෝක ආහාර වැඩසටහන 1961 වසරේදී නිර්මාණය කළ අතර, මේ වන විට වසරකට මිලියන 100කට වඩා ජනතාවකට ආහාර සැපයීමේ යෙදී සිටියි.

#ZeroHunger (සාගින්න ශුන්‍ය වීම) ඔවුන්ගේ තේමාපාඨයකි.

දකුණු දිග සුඩානයට ගුවනින් ආහාර හෙළමින් (Photo by TONY KARUMBA / AFP) (Photo by TONY KARUMBA/AFP via Getty Images)

මේ ඉලක්කය සපුරාලීම සඳහා දිනපතාම සිය ජීවිත අවදානමට ලක් කරන සිය කාර්ය මණ්ඩලය වෙත ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි විශේෂයෙන් ස්තූතිවන්ත වෙයි.

2020 නොබෙල් ත්‍යාගය සඳහා නාම යෝජනා ලැබ සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ටෙඩ්‍රෝස් ද ලෝක ආහාර වැඩසටහන වෙත සිය සුබපැතුම් පළ කර ඇත.

පෙර ලිපි

කාන්තාවන් දෙදෙනෙක් රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගනිමින් ඉතිහාසය අලුතෙන් ලියයි

භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය විශ්වයේ ‘අඳුරුතම රහස්‘ හෙළිකළ විද්‍යාඥයන් ත්‍රිත්වයකට

හෙපටයිටිස් C වෛරසය සොයාගත් විද්‍යාඥයන් ත්‍රිත්වයට වෛද්‍ය විද්‍යාව සඳහා පිදෙන 2020 නොබෙල් ත්‍යාගය


ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය: විත්තිකරු නිදහස් කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

රුසියාවට නව සම්බාධක පැනවීමට ඇමරිකාව සැරසෙයි

බොරිස් ජොන්සන් ගේ ‘ක්‍රියාත්මක වන/නොවන’ කන්වර්ෂන් තෙරපි තහනම!

ඉන්දියාව කොරෝනා සමඟ යුද්ධයක – තවදුරටත් දෛනිකව ලක්ෂ ගණනින් ආසාදිතයින් වර්තා වෙයි

පණපිටින් විකුණන කැලෑ සතුන්ගේ මස් වෙළඳාම වහාම අත්හිටුවන්න! – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැඩි ඉල්ලීමක්

ටේසරය වෙනුවට පිස්තෝලය ඇද කළු ජාතික තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරිනිය ඉල්ලා අස් වුණත් උද්ඝෝෂණ දිගටම

සූවස් ඇළ හිර කළ එවර්ගිවන් නෞකාව ඊජිප්තුව ග්‍රහණයට ගනියි – ඩොලර් මිලියන 900 ක වන්දියකුත් ඉල්ලයි

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය: සැකකාර පොලිස් නිලධාරියාගේ ක්‍රියාව අධිකරණය ඉදිරියේ ‘සාධාරණීකරණය’ කෙරේ

error: Content is protected !!
error: Content is protected !!