×

2020 ඇමරිකානු ජනාධිපතිවරණය ගැන ඔබ මේ කරුණු දැන සිටියාද?

ඇමරිකානු ජනාධිපතිවරයා ඇමරිකාවේ ජනතාවගේ පමණක් නොව මුළු මහත් ලෝකයේම ජනතාවගේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කිරීමට සමත් වන බව නොරහසකි.


ඒ ඔහු ජාත්‍යන්තර දේශපාලනය, ආරක්ෂාව යනාදී සියලු අංග කෙරෙහි සිදුකරන බලපෑම හේතුවෙනි. මේ නිසාම, 2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 3 වැනිදාට යෙදී තිබියදී එහි ප්‍රතිඵලය කුමක්ද, එම ප්‍රතිඵලය ලැබෙන්නේ කෙසේද යනාදිය ගැන ප්‍රශ්න ගණනාවක් තිබේ. මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ඒවා ඉතාම සරල ලෙස පැහැදිලි කර දීමට ය.

Section dividerඇමරිකාවේ දේශපාලන ක්‍රමය තුළ මුලික පක්ෂ තිබෙන්නේ 2 ක් පමණි. ඒ රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂයයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා එම පක්ෂ දෙකෙන් එකකට අයත් වේ.

රිපබ්ලිකන් පක්ෂය, ඇමරිකා එක්සත් ජනපදයේ කොන්සවේටිව් පක්ෂයයි. කොන්සවේටිව් යන්නෙන් අදහස් කරන්නේ සම්ප්‍රදායික මතධාරී වැනි මතයකි. මේ වසරේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වන අතර, ඔහුගේ උත්සාහය තවත් වසර 4 ක් බලය රැකගෙන දෙවන ධුර කාලයත් දිනා ගැනීමයි.

රිපබ්ලිකන් පක්ෂය GOP හෙවත් Grand Old Party යනුවෙන්ද හඳුන්වයි. ගතවූ වර්ෂ කිහිපය තුළ එය විසින් බදු අඩු කිරීම්, ගිනි අවි අයිතිවාසිකම් සහ සංක්‍රමණයන්ට දැඩි සීමාවන් පැනවීම සිදුකර තිබේ. මෙම පක්ෂයේ සිටින දැඩි සහ පරම්පරාගත ආධාරකරුවන් ඇමරිකාවේ ග්‍රාමීය ප්‍රදේශවලින් පැවත එන්නෝ ය. හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් ඩබ්. බුෂ්, රොනල්ඩ් රේගන් සහ රිචඩ් නික්සන් වැනි අය ද රිපබ්ලිකන් පාක්ෂිකයන් ය.

ඩිමොක්‍රටික් පක්ෂය, ඇමරිකා එක්සත් ජනපදයේ ලිබරල් දේශපාලන පක්ෂයයි. එහි ජනාධිපති අපේක්ෂකයා ජෝ බයිඩන් ය. අත්දැකීම් බහුල දේශපාලනඥයෙක් වන ඔහු, වසර 8 ක් තිස්සේ හිටපු ජනාධිපති බරාක් ඔබාමාගේ උප ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.

මෙම අපේක්ෂකයන් දෙදෙනාම සිය ජීවිතවල වයස 70 ඉක්මවූවන් ය. ඩොනල්ඩ් ට්‍රම්ප් 74 හැවිරිදි වන අතර, බයිඩන් 78 හැවිරිදි ය. යම් හෙයකින් ඔහු මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගතහොත්, ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම ධුර කාලයට එළඹෙන වයස්ගතම ජනාධිපතිවරයා බවට පත් වනු ඇත.

Section divider

ජයග්‍රාහකයා තීරණය වන්නේ කොහොමද?

Section image showing map and pin badges

මෙහිදී ජයග්‍රාහකයා ලෙස සැලකෙන්නේ ඇමරිකාවේ ‘‘

ඇමරිකාවේ ජනපද 52 ක් තිබේ. මෙම සෑම ජනපදයකටම ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් තුළ නිශ්චිත ආසන සංඛ්‍යාවක් හිමි ය. මෙය ලංකාවේ එක් එක් මැතිවරණ බල ප්‍ර දේශයකට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව ලෙස සරලව වටහාගැනීමට පුළුවනි. මෙම ආසන ගණන තීරණය වන්නේ එම ජනපදයේ ජනගහනය අනුව ය. ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි සමස්ත ආසන සංඛ්‍යාව 538 කි. ඒ අනුව ජයග්‍රාහකයා ආසන 270 ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් හිමි කර ගත යුතුය.

මෙයින් පැහැදිලිවම අදහස් කරන්නේ ඡන්ද දායකයන් විසින් ජාතික තලයෙන් එක් අයෙකු තෝරාගන්නවාට වඩා ජනපද මට්ටමෙන් සිය කැමැත්ත ප්‍රකාශ කළ යුතුව ඇති බවයි. ඒ අනුව ජාතික මට්ටමෙන් අවසානයේදී වැඩි ඡන්ද ගණනක් ලබාගත් තැනැත්තා ජනාධිපතිවරයා බවට පත් නොවීමේ විශාල අවදානමක් ද තිබේ. 2016 ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන්ට අත් වූයේ මේ ඉරණමයි. ඇය ‘ජනප්‍රිය ඡන්දයෙන්‘ ජයගත්තාය. එනම්, සමස්ත මැතිවරණ ප්‍රතිඵලය අනුව ඇයට ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා වැඩි ඡන්ද ගණනක් හිමි වී තිබිණි. නමුත් ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් තුළ ඇයට හිමිවූයේ ට්‍රම්ප්ට වඩා අඩු ආසන සංඛ්‍යාවකි.

පහත රූප සටහනෙන් දැක්වෙන්නේ ඉලෙක්ට්‍රෝරල්කොලෙජ් තුළ වැඩි ම ආසන සංඛ්‍යාවක් හිමිව තිබෙන ජනපද විශාල ශඩාස්‍ර වශයෙනි. ඇමරිකානු ජනාධිපතිවරණයේදී තීරණාත්මක ජනපද ලෙස සැකෙන්නේ මේවා ය. එනම් නිව්යෝක්, කැලිෆෝනියා, ටෙක්සාස් සහ ෆ්ලොරිඩා ඒ අතරින් ප්‍රධාන ය.

Graphic: A map of the US showing how many electoral college votes are allocated to each state

මෙම ජනපද අතරින් අති බහුතරය එක්කෝ රිපබ්ලිකන් ය. නැතිනම් ඩිමොක්‍රටික් ය. එනම් එක් පක්ෂයක් වෙත වැඩි නැඹුරුවක් බැලූ බැල්මට පෙන්වයි. ඒ අනුව පැහැදිලි ජයක් ලැබිය හැකි ජනපද වෙත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් දෙදෙනාගේම අවධානය යොමු වේ.  ලෙස හඳුන්වන්නේ මේවා ය.

Section divider

ඡන්දය දිය හැක්කේ කාටද? කෙසේද?

Section image showing ballots and ballot boxes

වයස අවුරුදු 18 ට වැඩි ඇමරිකානු පුරවැසියන්ට පමණක් ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ඇමරිකානු ජනාධිපතිවරණය සෑම වසර 4කටම වරක් පැවැත්වෙයි.

මේ අතර, ජනපද රාශියකදී එම පුරවැසියන්ගේ අනන්‍යතාවය සනාථ කිරීමට සිදුවනු ඇත. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන ඉල්ලා සිටින නීති, ජනපද මට්ටමෙන් තිබේ.

මෙම නීති දැඩි සේ ඉල්ලා සිටින්නේ රිපබ්ලිකන් පාක්ෂිකයන් ය. මැතිවරණ වංචා සිදුනොවීමට මෙය අත්‍යාවශ්‍ය බව ඔවුහු කියති. නමුත් මෙය දුප්පත් සහ සුළුතර ඡන්ද දායකයන්ගේ ඡන්ද අයිතිය මැඬ පැවැත්වීමට උපාය මාර්ගික ලෙස රිපබ්ලිකන් පාක්ෂිකයන් විසින් යොදාගන්නා බවට ඩිමොක්‍රටික්වරු චෝදනා කරති. ඇමරිකාවේ දුප්පත් සහ සුළුතර ප්‍රජාවන් බොහෝ විට රියැදුරු බලපත්‍රයක්  හෝ හැඳුනුම්පතක් ඉදිරිපත්කිරීමට අසමත් වන අවස්ථා ඇත. මෙය ලංකාවේදී නම් සමාන වන්නේ සමරිසි හෝ සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය, ඔවුන් අනන්‍යතා සහතික ඉදිරිපත් කිරීමට අසමත් වීම තුළ අහිමි වී යාමේ තත්වයට ය.

මේ වසරේ ඡන්දය ප්‍රකාශ කිරීම දිගින් දිගටම ගැටළුකාරී තත්වයක් ඇති කර තිබෙන්නේ කොරෝනා වෛරස් වසංගතය හේතුවෙනි. ඇතැම් දේශපාලනඥයෝ තැපැල් ඡන්ද හෝ ඡන්ද දිනයට පෙර ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීම ධෛර්යමත් කරති. නමුත්, එය මැතිවරණ වංචාවන්ට හේතු වේ යැයි මේ වසරේදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේය. නමුත් ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔහු සමත් නොවේ.

Section divider

ජනාධිපතිවරණයෙන් තෝරාගන්නේ ජනාධිපතිවරයෙක් පමණක්ද? නැත!

Section image showing the Capitol Hill building

නැත.

මුළු ලෝකයේම අවධානය ට්‍රම්ප් එ. බයිඩන් සටන වෙත යොමු වී තිබුණත්, මෙහිදී ඡන්ද දායකයෝ සිය ඡන්ද පත්‍රිකා පිරවීමේදී කොංග්‍රසයට (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට) සාමාජිකයන් ද තෝරා නම් කරති. මෙය ලංකාවේ මැතිවරණ ක්‍රමයට ආදේශ කරන්නේ නම්, ලංකාවේදී ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගන්නේ මහමැතිවරණයෙනි. ජනාධිපතිවරණය වෙනම පවත්වයි. නමුත් ඇමරිකාවේදී සිදුවන දේ, මහමැතිවරණයත් ජනාධිපතිවරණයත් එකවර පැවැත්වීමක් යැයි ද කිව හැක. මෙමගින් දීප ව්‍යාප්ත මැතිවරණ සඳහා වැයවන අති සුවිශාල මුදලක් ඉතිරි කර ගැනීමට ඇමරිකාව සමත් වෙයි.

මේ වන විට ඇමරිකානු කොංග්‍රසයේ බලය තිබෙන්නේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට ය. සෙනෙට් සභාවේ බලය තිබෙන්නේ රිපබ්ලිකන් පාක්ෂිකයන්ට ය. මේ දෙපිරිස අතරින් ඡන්ද දායකයන්ගේ ඡන්ද බලය හරහා සෘජුව පත්වන්නේ කොංග්‍රස් සභිකයන් ය.

මෙවර කොංග්‍රසයේ මෙන්ම සෙනෙට් සභාවේ ද බහුතර බලය ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතට පත් වුවහොත්, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරටත් ජයග්‍රහණය කළත්, ඔහුගේ සැලසුම් අවහිර කිරීමේ බහුතර බලය ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට ලැබේ. මෙවර ජනාධිපතිවරණයේදී ජෝ බයිඩන් ජයග්‍රහණය කරවා ගැනීම මෙන්ම මෙම ද්වී මණ්ලඩයේම බලය තහවුරු කර ගැනීම ද ඩිමොක්‍රටික්වරුන්ගේ පරම අදිටනයි.

කොංග්‍රසයේ ආසන 435 ක් සඳහා මේ වසරේ මැතිවරණයෙන් නියෝජිතයන් තෝරාපත් කර ගත හැකි අතර, සෙනෙට් ආසන 33 ක් ද එයට එක් වී තිබේ.

Section divider

ප්‍රතිඵල දැනගත හැක්කේ කවදාද?

Section image showing a clock and a calendar

සෑම ඡන්දයක් ම ගණන් කර අවසන් වන විට දින කිහිපයක් ගත විය හැකිය. නමුත්, ජයග්‍රාහකයා කවුදැයි ඉතා ඉක්මනින් දැනගැනීමට හැකියාව බොහෝ විට ලැබේ.

2016 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ජයග්‍රහණය නිවේදනය කළේ ජනාධිපතිවරණයට පසුදා නිව්යෝක් නුවරදී අළුයම 3 ට මහා ජනකායක් අමතමිනි. බොහෝ විට පසුදා අළුයම වනවිට ජයග්‍රාහකයා කවුදැයි අනුමාන කළ හැකි වීම මෙයට හේතුවයි.

නමුත් මේ වසරේ තැපැල් ඡන්දදාකයන්ගේ ප්‍රමාණය අතිශයින් ඉහළ ගොස් තිබේ. ඒ කොවිඩ් වසංගතය නිසා ය. ඒ අනුව මෙවර වෙනදාට වඩා ප්‍රතිඵල නිකුත් වීමට වැඩි කාලයක් ගත විය හැකිය.

2000 වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා කවුදැයි අවසානයේදී නිවේදනය කිරීමට මාසයක් ගත විය. මාසයකට පසුවත් එය නිවේදනය කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හරහා ය. එනිසා, හැමවිටම එළිවෙන පාන්දර වනවිට ඇමරිකානුවන්ට රතිඤ්ඤා දැමීමට ලැබෙන්නේ නැත.

Section divider

ජයග්‍රාහකයා දිවුරුම් දෙන්නේ කවදාද?

Section image showing the White House

2020 ඇමරිකානු ජනාධිපතිවරණය ජෝ බයිඩන් විසින් ජයගතහොත් ඔහුව එසැණින් ජනාධිපති පදවියට පත් කරනු ඇත. එයට හේතුව ඔහුගේ සංක්‍රාන්තිය සඳහා වැඩි කාලයක් ගත වන නිසා ය. ඔහුට අලුතෙන් කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීමට සහ නව සැලසුම් සඳහා වැඩි කාලයක් උවමනා නිසා ය. නමුත් ට්‍රම්ප් දැනටමත් කියා තිබෙන්නේ තමන් පරාජය වුණත්, මෙම සංක්‍රාන්තිය සඳහා ජෝ බයිඩන් හට සහාය ලබා නොදෙන බවයි!

ඇමරිකානු ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවය ජනවාරි 20 වැනිදාට යෙදී තිබේ. එය පවත්න්නේ වොෂින්ටන් ඩී.සී. හි කැපිටල් බිල්ඩින් හිදී ය. එය ඇමරිකාවේ පත්තිරිප්පුවයි.

එම උත්සවයෙන් පසුව නව ජනාධිපතිවරයා සිය වසර 4 ක ධුර කාලය ආරම්භ කිරීම සඳහා ධවල මන්දිරයේ සිය කාර්යාලය වෙත යනවා ඇත.

Section divider

Source: BBC News



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි